අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් ලක්ෂ 500 ක ගොඩනැගිල්ලක්

    ඔක්තෝබර් 13, 2018

    රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල අද ( 13 වන සෙනසුරාදා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරිමට නියමිතය.

     


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර මේ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 500 ක් වියදම් කර ඉදිකරන ලදී.


    මෙම ගොඩනැගිල්ලෙහි විශේෂත්වය වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමය. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකර ඇති අතර ගොඩනැගිල්ල සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි. අලවතුවල, මහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරුන් වන මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ප්‍රිශාන්ත ජයකොඩි යන මහත්වරු ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිඇමතිවරු සහභාගිවිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya