අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවිහිංසවාදී සත්‍යග්‍රහ ව්‍යාපාරවලට සම්බන්ධ වුණා නම්, සන්නද්ධ අරගලය වැළැක්වීමට හැකියාව තිබුණා - විපක්ෂ නායක

    ඔක්තෝබර් 12, 2018

    එදා අප රජයට එරෙහිව අවිහිංසවාදී සත්‍යග්‍රහ ව්‍යාපාරවලට සම්බන්ධ වුණා නම්, සන්නද්ධ අරගලය වැළැක්වීමට හැකියාව තිබුණා. එය අපෙන් සිදු වූ වරදක් . එමඟින් අපට ප්‍රචණ්ඩත්වයෙන් තොරව ස්වයං පාලනයක් ඇති කරගැනීමට ද හැකියාව තිබුණා යැයි විපක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     

    ඉන්දියාවේ බිහි වූ අවිහිංසවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධී මැතිතුමාගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් විශේෂ විවාදයක් අද (12) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැති අතර එම විවාදයේ දී අඳහස් දක්වමින් විපක්ෂනායකවරයා මෙසේ සඳහන් කළේ ය

    එතුමා තමයි පසුගිය සතවර්ෂයේ සිටි උත්තරීතරම නායකයා. එතුමා අවබෝධ කර ගත්ත අඉන්දීය ජනතවට නිදහස ලබිය යුතුයි කියාලා. අරමුණු සාර්ථක කරගැනීමට ව්‍යාපර ගණනවක් ගෙන ගියා. එතුමාගේ ව්‍යාපාරයේ අරමුණ වුණේ,බ්‍රිතාන්‍ය පාලකයන්ට ඉන්දියාවේ පාලනය කිරීමේ ශක්තිය අහිමි කිරීමයි. ඒ සඳහා එතුමා අවිහිංසාවාදී ව්‍යාපාරය ආරම්භ කළා. සත්‍යග්‍රහ මත නිදහස් අරගලය පදනම් වුණා.

    සත්‍යග්‍රහ ව්‍යාපරවල අරමුන වුනේ පදු දීම වැලැක්වීම,ඒකාධිකාරය නැති කිරීම. එතුමා ඒත්තු ගැන්වූව බලය තිබෙන්නේ ජනතව සතුව බව. ඒ අනුව එතුමා අවිහිංසාවාදී ව්‍යාපාරය දියත් කරනු ලබුවා. එතුමාට එම ව්‍යාපරය සාර්ථකව නිමා කිරීමට හැකි වුණා.

    බ්‍රිතාන්‍යය පාලකයින්ට කියා සිටියා ඉන්දියාවෙන් ඉවත්වන්නට කියලා.ඉන්දියව පාලනය කිරීමට ඉන්දියාවට බාරදෙන්න කියා කිව්වා. සාකච්ඡා පැවැත්වුණා, ඒ අනුව ඉන්දියාවට නිඳහස ලැබුණා. මහත්මා ගාන්ධිතුමා නිදහස්  ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඔහු දකුණු අප්‍රිකාවේ කටයුතු කළ තරුණ නීතිඥයෙක්.එතුමා වර්ණභේදවාදයට  එරෙහිව නායකත්වය ලබාදුන්නා.

    ශ්‍රී ලංකාවට පවා ස්වාධීනත්වය ලබාගැනීමට මහත්මාගාන්ධීතුමාගේ ක්‍රියාකලාපය ඉවහල් වුණා.අප එතුමාට  කෘතවේදී විය යුතුයි. එතුමාගේ අවිහිංසාවදී සංකල්පය,සත්‍ය ව්‍යාපරය සාමාන්‍ය ජනතාවට හඳුන්වා දුන්නා. සෑම ඉන්දියානුවෙක් ම පළමුව හඳුන්වන්නේ තමන් ඉන්දියානුවෙකු බවයි.

    මහත්මාගාන්ධීතුමා ඉන්දියාවම එක් රටක් බවට එකතු කළා.ඉන්දියාව ඒකරාශී කිරීමේ දී එතුමා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබුවා. තමන්ගේ ස්වධීනත්වය තුල ජීවත් විය හැකි බව එතුමා පෙන්වා දුන්නා.

    1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ අවස්ථාවේ දී අපේ පක්ෂවලින් ද තේරී පත් වුණා. ගාන්ධි තුමා කළ  ආකරයට අවිහිංසාවෙන් කටයුතු කළා නම්,අපට ජන අරගලය වළක්වා ගැනීමට හැකියාව තිබුණා. 1977 දී දෙමළ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අප මෙම අවිහිංසාවාදී සත්‍යග්‍රහ ව්‍යාපාරවලට සම්බන්ධ වුණා නම්,සන්නද්ධ අරගලය වැළැක්වීමට  හැකියාව තිබුණා. එමඟින් අපට ප්‍රචණ්ඩත්වයෙන් තොරව ස්වයං පාලනයක් ඇති කරගැනීමට හැකියාව තිබුණා. මම සිතනව එය අප අතින් සිදු වූ වරදක් බව. අපට එසේ කළ යුතුව තිබුණා. අප බලාපොරොත්තු වෙනවා රටේ  කිසි දිනක ප්‍රචණ්ඩත්වය ඇති නොවෙයි කියා.අප මහත්මා ගාන්ධි තුමාගේ ඉගැන්වීම අනුව කටයුතු කළොත්,  ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට රජය අපෝහොසත් වුවහොත් දෙමළ ජනතාව අනාගතයේ දී අවිහිංසාවාදී  ක්‍රියාමාර්ගවලට යොමු වී තම අයිතිවාසිකම් දිනාගනියි කියලායැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya