අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළියෙන් පැමිණි ආර්ථික අර්බුදයට මුහුණ දීමට සුදානම්- නිවාස,ඉඩම්,ගම්පෙරළිය,එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා වෙන් කරන,මුදල් අඩු කරන්නේ නෑ

    සැප්තැම්බර් 24, 2018

    ණය පාලනය කිරීමටත්,සංචිත දියුණු කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවත් මෙරට ආර්ථිකය සකස් කරගත යුතු බැවින් සමහර ආනයන අංශවල තීරු බදු ඉහල දමා ආනයනය සීමා කිරීම කිරීමට බලාපොරොත්තු වන බවත් එළියෙන් පැමිණි ආර්ථික අර්බුදයට මුහුණ දීමට සුදානම් බවත් කිසි ලෙසකින් නිවාස, ඉඩම් ,නිවාස ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා වෙන් කරන, මුදල් කිසිසේත් අඩු නොකරන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    නව උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ ඉදිකරන ලද “මහාමාන්‍ය ඩී. එස්  සේනානායකගම“ අද (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතා අයිතියට පත්කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

     

    තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමත්‍යවරයා,

     

    ජනධිපතිතුමා ග්‍රාම ශක්ති වැඩසටහන ගෙන යනවා. මෙන්න අද තියෙන අවස්ථා. ගමේ ප්‍රධාන වැඩසටහනකින් ප්‍රයෝජනයක් ගන්න ඉඩ සළසා තිබෙනවා. මේ සියලු දේ ආරම්භ කළේ ඉතාම අමාරු කාලයේ.අපිට විශාල ණය  බරක් තිබුණා.අපිට ගෙවන්න බැරි ණය බරක් තිබුණා. ආරුවෙන් ණය ගෙවන ගමන් මේ වැඩසටහන් සියල්ලම  ක්‍රියාත්මක කළා. නියඟයක් ආවා. එකත් හදාගෙන යනකොට අප්‍රේල් මාසයේ දී බඩු මිල යම් මට්ටමකට  ගෙනාවා. දැන් ආපසු අපි අලුත් අර්බුදයකට මුහුණ දෙනවා. එය අප ඇති කරගත් එකක් නොවේ. ගෝලීය ආර්ථික  අර්බුදයක් අද ඇති වී තිබෙනවා. ඩොලරය ශක්තිමත් වෙලා, තෙල් මිල වැඩි වෙලා,රුපියලට පමණක් නොව සෑම  රටකටම බලපානවා. එංගලන්තයේ පවුමටත් බලපානව.යුරෝපා සංගමයේ යූරෝ එකටත් බලපානවා.  ඔස්ට්‍රේලියාවේ ඩොලරයටත් බලපානවා.

     

    ඉන්දියාවේ රුපියලටත් බලපානවා.සිංගප්පූරුවේ ඩොලරයටත් බලපානවා.චීනයේ යුවන් එකටත් බලපනවා. අපි  ඔක්කෝටම මෙය බලපානවා. 2008 දී ඇමෙරිකානු ආර්ථිකය කඩා වැටුණු වෙලාවේ දී රටේ ආයෝජකයන්
    බොහෝ දෙනෙක් පිටරට ගෙනිච්චා. ඩොලරය බාල්දු වුණා. ඇමෙරිකාවේ ආර්ථිකය හොඳ වූ හැටිය යළි  ඇමෙරිකාවට යනවා කියලා එදා අපි කිව්වා.2018 දී ට්‍රම්ප් ජනාධිපතිතුමා ජනතාවට බදු සහන දුන්නා. නිෂ්පාදන  කර්මාන්තය දියුණු වුණා. ඇමෙරිකාවේ කර්මාන්ත ඉදිරියට ගියා. ආර්ථික වේගය වැඩි වුණා. එරට මහබංකුව  දෙවරක් ඩොලර් එකේ පොළිය වැඩි කළා.

     

    හැමෝම ඩොලරය පිටු පස ගියා. මෙහාට මුදල් ගෙනව අය ආපසු මුදල් ගෙනයනවා. අපේ මුදල්වල වටිනාක්ම අඩු  වෙනවා. අනෙක් අතට ලෝක තෙල් මිල වැඩි වෙනවා. අද තෙල් මිල ඩොලර් 80කට ගිහින් තිබෙනවා. මේ හැම එකක්ම අපට බලපානවා. අපේ සමහර භාණ්ඩවල මිල වැඩි වෙලා නෑ. අනෙක් භාණ්ඩවල මිල වැඩි වෙලා. එහෙම තත්ත්වයක් තිබෙන්නේ. ඇම්‍රිකාව රුසියාව එක්ක වෙලඳාම් කරන එකට තහනමක් දාලා. අපේ තේ යවන්න බෑ.  අද එතැනට මුහුණ දෙනන් බලන්නේ. ඩොලර් මිලියන 400ක් පිට වී තිබෙනවා, ලංකාවේ කොටස් වෙළඳ පොළෙන්. ආර්ජන්ටිනාව වැනි රටවල් කඩ වැටෙන්න ගිහින් ඒ රටේ මහබැංකුව පොලී වැඩි කර තිබෙනවා.  ඉන්දියාව මහවැංකුවේ පොලිය වැඩි කර තිබෙනවා. අපි පොළිය වැඩි කළොත් ලාංකික ව්‍යාපාරිකයන්ට වැඩි  පිළියක් ගෙවන්න සිදු වෙනවා. අපේ ආනයන කරුවන් වැඩියෙන් ඩොලර් ඉල්ලනව භාණ්ඩ මිල දී ගන්න. අපේ  අපනයන කරුවන් එක සැරේම පිටරට ඩොලර් ලංකාවට ගෙන්නේ නෑ.

     

    තාම ගෙනයන්නේ තේ,සංචරක ව්‍යපරය සහ ඇගළුම් විතරයි. අප ක්‍රමාණුකූලව මේ ගැන සාකච්ඡා කරනවා. ණය පාලනය කරන්න, සංචිතය දියුණු කරන්න, සමහර අංශවල ආනයනය කිරීමට වැඩි පුර තීරු බදු දාලා අපේ  ඩොලරය ඩොලර් මිලියන 500කින් මිලියන 1000කි න්  අනයනය සීමා කිරීම කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ආර්ථිකය සකස් කර ගත යුතුයි. එළියෙන් ආව දෙයට මුහුණ දෙන්න යනවා. මේ නිවාස, ඉඩම්, නිවාස ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන් වලට වෙන් කරන මුදල් අඩු කරන්නේ නැහැ යැයි ද  අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya