අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙල්සන් මැන්ඩෙලා ගිය මගෙහි යාමට ජනපති ලෝක නායකයින්ට ආරාධනා කරයි

    සැප්තැම්බර් 25, 2018
    නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
    ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව  (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අමතමිනි. 
    නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුථව සංවිධානය කර තිබුණි. 
    සාමය, සංහිදියාව සහ මානවවාදය පිළිබද ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලූ ලෝක නායකයින් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය. 
    නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබද එතුමාගේ චරිතය ආදර්ශයන් රැසක් ලබාදුන් බව  ස`දහන් කළේය. 
    සාමය පිළිබද ගමන් මග ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුථවක් සංවිධානය කිරීම පිළිබද ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත  ස්තූතිය පිරිනැමීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya