අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ පොදු ප‍්‍රවාහන සේවාව මගී ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් බවට පත්කිරීම අත්‍යාවශ්‍යයි

    සැප්තැම්බර් 14, 2018

    රටේ පොදු ප‍්‍රවාහන සේවාව මඟි ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වන සේවාවක් බවට පත්කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ පොදු ප‍්‍රවාහන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවමින් විධිමත් ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම පිළිබඳ  ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ය.

    ගුණාත්මක පොදු ප‍්‍රවාහන සේවාවක් රටට හඳුන්වාදීම වෙනුවෙන් 2016 වසරේදි ආරම්භ කරන ලද සහසර නියමු ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සහ ඉදිරියේ දී වඩාත් ගුණාත්මක ප‍්‍රවාහන සේවාවක් දීප ව්‍යාප්තව නිර්මාණය කිරීම වෙනුවෙන් ඒ මඟින් ලබාගත හැකි මගපෙන්වීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    රටේ පොදු ප‍්‍රවාහන සේවය බලගැන්වීම මගින් විකල්ප ප‍්‍රවාහන මාධ්‍ය වෙත යොමුවී සිටින මගීන් නැවත පොදු ප‍්‍රවාහන සේවය වෙත නැඹුරු කර ගැනීමත් එමඟින් රටේ මාර්ග තදබදය අවම කිරීමත් මගීන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීමත් ඇතුළු පොදු ප‍්‍රවාහනයල මහජන හිතකාමී යාන්ත‍්‍රණයක් බවට පත්කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

    ප‍්‍රවාහන ගැටලුව රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් සිදුකරන අතර කලටල වේලාවට ගමනක් බිමනක් යාමට නොහැකිවීම, බස් රථ තුළ අධික තදබදය මෙන්ම වෙහෙසට පත්වීම මාර්ග තදබදය, විනයගරුක සේවාවක් නොලැබීම යන මගීන්ට බලපාන කරුණු මෙන්ම බස් හිමියන්ගේ ආදායම අඩුවී ඔවුන් අතර තරඟකාරී බවක් ඇතිවීම මෙන්ම බස් සේවකයන්ට වෘත්තීය ගරුත්වයක් නොලැබීම වැනි කරුණු ගණනාවක් එමඟින් මතුවී ඇත.

    2008 වසරේ දී මුළු මගී සංඛ්‍යාවෙන් 65‍% ක් පොදු මගී බස් රථ භාවිතා කළ ද මේ වන විට එය 40‍% දක්වා පහළ බැස ඇති බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. එසේ වී ඇත්තේ පොදු ප‍්‍රවාහනයේ තිබෙන ගැටලු හේතුවෙන් මගීන් දිනෙන් දින විකල්ප තෝරාගැනීම්වලට නැඹුරුවීම නිසා බව ද එම සමීක්ෂණ වාර්තා සනාථ කර තිබේ.

    මෙම තත්ත්වය වෙනස් කරමින් වඩා කාර්යක්ෂම සහ විධිමත් පොදු ප‍්‍රවාහන සේවාවක් රට තුළ ඇති කිරීම පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

    අමාත්‍ය පාඨලී චම්පික රණවකල නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya