ජාති, ආගම් භේදයකින් තොරව සියලූ ජනතාවට සෙනෙහබර වෙමින් අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් වහන්සේ ආගමික සහ සාමාජයීය වශයෙන් ඉටුකරන පුථල් මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.
මෙම උත්සවයේ විශේෂ දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා විසින් සිදු කරන ලදී.
අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ පණිවිඩය ප්‍රකාශයට පත් කිරීම ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කළහ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් පියරේ වැන්ඩොට් පියතුමා ප්රමුඛ පියතුමන්ලා ද, කතානායක කරු ජයසුරිය, මහතා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුථ මැති ඇමතිවරු ප්රමුඛ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )