අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හෙළි කළ මූල්‍ය ගණුදෙනුව පිළිබඳ සභාව කල්තබන අවස්ථවේ විවාදයක්

    ජූලි 19, 2018

    2015 ජනාධිපතිවරණය සඳහා චීන සමාගමක් විසින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් හි පළ වූ වාර්තාව පිළිබඳව  අද (19) පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ ය. නිව් යෝර්ක් පුවත් පතේ පළ වූ ලිපියේ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව පවසමින් සභාව කල්තැබීමේ මන්ත්‍රීවරයා යෝජනාව ඉදිරිපත් කළේ ය.


    මෙතැන වැදගත් විවාදය කඩාකප්පල් කරන්න කටයුතු කරනවා. රට දැනගන්න එක වළක්වන්න කටයුතු  කරනවා. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත කියන්නේ කැලෑ පත්තරයක් නොවේ.ලිපියේ කතුවරිය ප්‍රවීන කතුවරියක්.මේවට කෑගහලා වැඩක් නෑ.ලංකාවේ මාධ්‍යවේදීන් දෙදෙනාට දැන් කැලෑ නීතිය යටතේ තර්ජනයක කරනවා.මෙහෙම නොවෙයි ප්‍රශ්න විසදන්නේ.ප්‍රශ්නය වැදගත් ලෙස විසඳාගන්න.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා- යෝජනාව ස්ථීර කිරීම

    නිව් යොර්ක් ටයිම්ස් වාර්තාව හැමෝම දන්නවා. අහගෙන ඉදලා උත්තර දෙන්න. ඇමෙ.ඩොලර් මිලියන 7.6 වියදම් කරල තියෙන්නේ. මැතිවරණ කටයුතුවලට මුදල් යොදවලා තියෙනවා. නිව් යොර්ක් ටයිම්ස් එළියට  ගේනකම් අපි දැනගෙන හිටියේ නෑ. එකත් හොයන්න ඕන. අද ජනතාවට ණයයි පොළියයි රටේ ජනතාවට ගෙවන්න සිදු වෙලා. මේ මුදල ආපසු ගෙවන්න. මේවා මහජනතාවගේ සල්ලි. හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය මුදල්. මේ මුදල අයකර ගන්න අවශ්‍යයි. මේ ගෙවන්න ඕන ණය  ගැන සොයන්න කොමිෂමක් පත් කරන්න

    රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා-

    නිව්යොර්ක් ටයිම්ස් පුවත් පත වගකිව යුතු පුවත්පතක්. මේවාට පිළිතුරු ලබාදිය යුතුයි.තමන්ගේ නායකයන් රකින්න විවාදයට එන්න ඕන. ඇත්ත තොරතුරු මේ අය දන්නවා. ඉදිරියේ දී ගොඩාක් තොරතුරු එළියට එයි. අපි රාජපක්ෂවරුන්ට මඩ ගහන්න පැමිණිලි කරගෙන මඩ ගහනව කියනවා. මෙවාගෙන් පලාගිහින් හරි යන්නේ නෑ. මේවාට නොබියව මුහුණ දෙන්න ඕන. හොරකම ගැන කියද්දි පලා යනවා.. නිව්යොර්ක් ටයිම්ස් සිදුවීම ගැන සී අයිඩී පරීක්ෂණයක් කරනවා


    පර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා-

    වංචාව දූෂණය ස්ථානගත වී තිබෙන්නේ රජ ගෙවල්වල කියලා පැහැදිළියි. රටක් යට කරගත හැක්කේ කඩුවෙන් ණය දීමෙන් හා කොමිෂවලින් බව අද පැහැදිළියි.මත්තල ගුවන්තොටුපල මේ කාලයට ගුවන් වාර සීයයක්වත් කරගන්න අසමත් වී තිබෙනවා.  ගුවන්තොටුපල අසාර්ථක ව්‍යාපෘතියක්. හම්බන්තොට වරාය අපේ ආර්ථික න්‍යාය පත්‍රයක් අනුවද සිදු වුණේ  කියලා බැලිය යුතුයි.ආර්ථික උපාය මාර්ගවලට සම්බන්ධ නොවූ ව්‍යාපෘති බව පේනවා. මේ ව්‍යාපෘති පිටුපස  බොහෝ සාධක ඉදිරිපත් වෙමින් පවතිනවා. වංචා දූෂණ යටහන්න හදනවා. නිශ්චිත පිළිතුරක් අවශ්‍යයි ඩොලර්  මිලියන 7.6 පිළිබඳව. අපේ රට ණය වලින් කොමිෂ්වලින් යටත් කරගෙන තිබෙනවා.

     

    චෝදනවක් වැරදිනම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තිබෙනවා- මේක පරික්ෂා කළ යුතුයි

    අමාත්‍ය කබීර් හෂීම් මහතා-

    චෝදනාවක් විමර්ශනය කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබෙනවා. චෙක්පත් ගත්තාද නැද්ද  කියන්න. චෝදනවක් වැරදිනම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තිබෙනවා. චෝදනාවට උත්තර නොදී කඩාකප්පල්  කිරීම කණගාටුදායක තත්ත්වයක්. දේශප්‍රේමීත්වයේ කණ්ඩායමකට මෙම චෝදනාව එන්නේ. එවැනි මුදලක්  ලබාගෙන තිබෙනවා නම් එය බරපතලයි. චෙක්පත් විතරක් නොවේ තෑගි භෝග ලබාගන්නේ ඡන්දයට දවස් කීපයක් තිබියදීයි. රටක් එක්ක ගණුදෙණු කරන
    විට රටට අවාසිදායක නොවන ලෙස කටයුතු කරන්න ඕන. පසුගිය කාලයේ විවිධ අවස්ථාවල රටවලින් ණය අරගෙන තිබ්බා. මත්තල, සූර්යවැව ක්‍රීඩාංගනය සාර්ථක ව්‍යාපෘති ද කියලා බලන්න. චීනයට දොස් කියලා වැඩක්  නෑ. මේ චෝදනාව බරපතලයි. මැතිවරණයට මාස කීපයක් තියෙද්දි කී-ටර්ම්  ගිවිසුමක් අත්සන් කරන්නේ ඇයි?  2014 සැප්තැම්බර් මාසයට පෙර ඡන්දයට කලින් කැබිනට් එකට යන්න බැරි වුණා. මුදල් අරගෙන අත්සන් කළාද  කියලා සිතෙනවා. සල්ලි කාගේ සාක්කුවට ගියේ? හොඳ වෙලාවට කැබිනට් එකට යන්න බැරි වුණා මේ ගිවිසුමට.  අපේ රටට හිතකර ලෙස මෙම කොන්දෙසි හරවා ගන්න අපේ රජයට හකි වුණා. මෙහි ප්‍රශ්නයක් තිබෙනවා. මේක පරික්ෂා කළ  යුතුයි. මෙය රටේ සෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්නයක් නොවේ. මේ රට පාවා දී නැද්ද? රටට  කර තිබෙන පාවාදීමක්. මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි.

     

     

    පසුගිය රජය ගත් ණය නිසා අපට දුක් විදින්න වෙලා...


    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-

    ප්‍රශ්නයෙන් පැනලා යනවා. අවශ්‍ය මාතෘකාවට එන්නේ නෑ. චෝදනවලට පිළිතුරු දෙන්න බැරි අර්බුදයකට විපක්ෂය මුහුණ දීලා.රාජපක්ෂ රෙජීමය කළ ක්‍රියව දැඩි ලෙස හෙළා දකිනවා.අපේ රටේ ආණ්ඩුවේ පත්තරයක්  හෝ පෞද්ගලික පත්‍රයක් කිව්වා නම් ගහනවා. නිව්යෝර්ක් ටයිම්ස් පුවත ඔප්පු කරන්න පුළුවන් කරුණු ඉදිරිපත්  කර තිබෙන්නේ. මේ චෙක්පත් බොරුද? මේවට පිළිතුරු ලබාදිය යුතුයි.

    හංගන්න බැහැ මේවා, ජනතාව ඇත්ත දන්නවා.අද තෙල් මිල ගැන හඬා වැටෙනවා. එදා පෙට්ට්‍රල් රුපියල් 160  ගණන්වලට විකුණුවා. ඒවා අමතක වෙලා.මුදල්වලින් ජනතාවට සිල් රෙදි දුන්නා. උපාසක අම්මලා රැවැට්ටුවා.  කවුරු වැරැද්දක් කළත් ජනතාවට දුක් විදින්න වෙනවා.බැදුම්කර සිද්ධියට ආණ්ඩුවක් ලෙස මුහුණ දුන්න.  අගමැතිවරයා ඊට මුහුණ දුන්නා. අනාගතයේ ස්භාවධර්මයෙන් හා හෞද සාක්ෂියෙන් ගැලවෙන්න බැහැ. මේවාට  නායකයින් පිළිතුරු දිය යුතුයි.අදාළ පාර්ශවයන් මෙතැන නෑ.පසුගිය රජය ගත් ණය නිසා අපට දුක් විදින්න වෙලා. අපි ඇවිල්ලා කඩා වැටුණු ආර්ථිකය ගොඩනගලා ඉදිරියට ගෙන යන්න හැකි වුණා.

     


    රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා-

    නිව්යෝර්ක් ටයිම්ස් චෝදනාව ගැන පක්ෂ විපක්ෂ අඳහස් ඇසුවා.මේ ජනතාව බලන් සිටිනවා ඇත්ත කියන්නේ කවුද කියලා. වංචාවක් තියෙනවා නම් එය කියන්න කොන්දක් තියෙන්න ඕන. සියලු දෙනා වංචාව දැනගෙන සොරු ආරක්ෂා කරන්න කටයුතු කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya