අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අහිතකර ව්‍යවස්ථාවකට ඉඩ නෑ - පුළුල් ලෙස සාකච්ඡා කරනවා

    ජූලි 19, 2018

    රටට අහිතකර ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉඩ නොතබන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ඉදිරිපත් කළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමිනි.

    ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා සිදු කරන බවත් ඉන් පසු එය රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. මෙහිදී අඳහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, රටේ ජනතාව බලා සිටින වැදගත් විවාදයක් අද සකච්ඡාවට ගැනෙන බවත් එය වැළැක්වීමට සැලසුම් සහගත ලෙස කටයුතු කරන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya