පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා අද (4) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
මේ පිළිබඳව ගිය වසරේ එකඟ වෙන්න හැකි වුණා, ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන්. ඒ ක්‍රමවේදයේ අඩුපාඩුකම් තිබෙන නිසා, මෙය පළාත් සභාවලට බලපානවා. ඡන්දයක් පවත්වන්න ඕන. මේ වසරෙ තවත් පළාත් සභා තුනක කාලය අවසන් වෙනවා. ඡන්ද ක්‍රමය ගැන අපි සාකච්ඡ කළ යුතුයි.පළාත් පාලන මැතිවරණ ක්‍රමය පළාත් සභාවටත් ආවොත් ස්ථීර පරිපාලනයක් ඇති කරන්න බැරි වෙයි කියලා අඳහසක් තිබෙනවා. පක්ෂවලට
විවිධ මත තිබෙනවා.සමහර පක්ෂ තීරණය ගන්න තිබෙනවා. ඊළඟ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කරන්න බැරි වෙනවා. සමහරු කියනවා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයම පළාත් සභාවටත් යොදවන්න කියලා.මේ ගැන පක්ෂවලට විවිධ මත තිබෙනවා. නීති සංශෝධනයක් අවශ්‍ය නම් එය කරලා, මේ පිළිබඳව විවාදයක් පවත්වන්න පුළුවන්. පක්ෂවල එකඟතාවයකට එන්න තියෙනවා. සාකච්ඡා කර තීරණ ගන්න තිබෙනවා. පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීමට වුවමනාවක් නෑ. මමත් පක්ෂ නායකයින්ට කතා කළා. පක්ෂ තීරණය කළ පසු ඉදිරියට යන්න පුළුවන්. කමිටුවට දැනගන්න පුළුවන් පක්ෂ නායකයින්ගේ තීරණය.අපට මැතිවරණ කල්දමන්න වුවමනාවක් නෑ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.