නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටටම දිරි දෙමින් තුරුණු දිරිය පෙරටම- 519 දෙනෙකුට ව්‍යාපාර සැළසුම් සකස්කර අවසන්

    ජූලි 01, 2018

    යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයට මේ වන විට දිවයින පුරා සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

    පසුගිය දා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වනු ලැබු ප‍්‍රගති සමාලෝචන සැසියේ දී ශී‍්‍ර ලංකා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙම තොරතුරු අනාවරණය කරන ලදී.

    මේ වන විට ණය යෝජනා ක‍්‍රමය සදහා සුදුසුකම් සහිත ප‍්‍රතිලාභීන් 904 දෙනෙකු හදුනාගෙන ඇති අතර එයින් 519 දෙනෙකු සදහා ව්‍යාපාර සැළසුම් සකස්කර අවසන් කර ඇත. මෙම ව්‍යාපාර සැළසුම් අතරින් 366ක් ලංකා බැංකුව වෙත බාර දීම සදහා මේ වන විට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර 100කට අධික ව්‍යාපාර සැළසුම් සංඛ්‍යාවක් ලංකා බැංකුව වෙත බාර දී ඇති බවත් එහි දී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් හෙළි කරන ලදී.

    තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සදහා ඇප නොමැතිව/ලිහිල් ඇප ක‍්‍රමයක් යටතේ මෙම ණය ප‍්‍රදානය සිදු කරයි. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියළුම දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක‍්‍රියාත්මක වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya