මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික උණගලා වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජූනි 24, 2018

    පොළොන්නරුව, හිඟුරක්ගොඩ උණගලා වෙහෙර රජ මහා විහාරස්ථ ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ පැවැත්වෙයි.

    පොළොන්නරුව ඓතිහාසික උණගලා වෙහෙර ලෝකවාසී බෞද්ධ ජනයාගේ වන්දනාමානයට සුදුසු ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ආරම්භ කෙරුණේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදීය.

    පොළොන්නරුව දිස්ති‍්‍රක්කය පුරා විසිර පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන හා සියලූ ආගම්වලට අයත් ආගමික ස්ථාන සංරක්ෂණය කිරීමටත්, එම පූජනීය ස්ථානවල මූලික අවශ්‍යතා සැපිරෙන පරිදි සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පක් මත කි‍්‍රයාත්මක “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් උණගලා වෙහෙර ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කෙරිණි.

    පොළොන්නරුවට අයත් ඓතිහාසික බෞද්ධ හා හින්දු පුරාවස්තුන් අතර හමුවන එක් සුවිශේෂ පුණ්‍ය භූමියක් ලෙස උණගලා වෙහෙර හැඳින්විය හැකිය.

    පොළොන්නරුව, හිඟුරක්ගොඩ, හතමුණ මාර්ගයේ ගොස් ජයවික‍්‍රම හන්දියෙන් වන්දනා පොකුණ දෙසට විහිද ඇති මාර්ගයේ කි.මි 1/2ක් පමණ ගමන් කළ පසු තුන් පැත්තකින් වටවූ සුන්දර වෙල්යායත්, අතීතයේ ග‍්‍රාමීය ජන සම්ප‍්‍රදාය සිහිගන්වන ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි සංකල්පය පසක් කරවන ගම්පියසක පිහිටා ඇති උණගලා වෙහෙර චෛත්‍ය දැකිය හැකිය.

    අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැලකෙන විහාර ආරාම සංකීර්ණ සහ අවශේෂ වලින් යුක්ත පෞරාණික පුදබිමක් වන මෙම ස්ථානය හා සැබැදි පුරාවෘත්ති රැසක් වන අතර, දුටුගැමුණු රජතුමා එළාර රජු හා පැවති සටනේදී වාඩි ලාගෙන සිටි ස්ථානයක් ලෙස ද ජනප‍්‍රවාදයේ හැඳින්වෙන මෙම සුන්දර බිම් ප‍්‍රදේශය ජයබිම ලෙස ද, චෛත්‍ය ජයබිම් වෙහෙර ලෙස ද හඳුන්වා තිබේ.

    උණගලා වෙහෙර ගම් පියසේ නාමය හා ගම්මානය තුළ පිහිටි උණගලාවෙහෙර පූජනීය ස්ථානයේ සම්බන්ධයක් ඇති බව ඓතිහාසික තොරතුරුවලිනුත්, ජනප‍්‍රවාදවල තොරතුරුවලිනුත් පැහැදිලි වේ.

    පොළොන්නරුවේ රජු වූ නිශ්ශංකමල්ල රජු ද මෙම ස්ථානය සිය ජය බිම ලෙස සැලකූු බවත් රජුගේ අභිෂේක මංගල්‍යය සිදුකරන ලද්දේ මෙම ස්ථානයේදී බවත් ජනප‍්‍රවාදයේ සදහන්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya