මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධී ගිවිසුම් අවලංගු කර චිත්‍රපට බෙදාහැරීමේ බලය චිත්‍රපට සංස්ථාවට ලබාගත්තා

    ජූනි 22, 2018

    නීතිවිරෝධී ගිවිසුම් සියල්ල අවසන් කර චිත්‍රපට බෙදා හැරීමේ අනන්‍යය බලය චිත්‍රපට සංස්ථාවට ලබාගත් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    පනත අනුව චිත්‍රපට බෙදා හැරීමේ බලය චිත්‍රපට සංස්ථාවට තිබුණා. එය අදත් තිබෙනවා. පසු කාලීනව සමාගම් තුනකට ගිවිසුමක් මඟින් ද තවත් සමාගමකට වාචිකවත් චිත්‍රපට බෙදා හරීමට බලය ලබා දී තිබුණා . මේ කාලය තුළ චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ශාලා 74ක් වැසී ගිය බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පවසා සිටියේ  ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya