අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩුවලට විශ්‍රාමික දෙමළ මාධ්‍ය ගුරුවරුන්

    ජූනි 21, 2018

    දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු  පිරවීම සඳහා විශ්‍රාම ගොස් සිටින දෙමළ මාධ්‍ය ගුරුවරුන් තාවකාලික පදනමින් බඳවා ගැනීමට පියවර ගැනීමට මේ වනවිට පළාත් සභා වෙත දැනුම් දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    දෙමළ මාධ්‍ය ගුරුවරුන් සඳහා සුදුසුකම්ලත් ගුරුවරුන් ප්‍රමාණවත් නොවීම මෙලෙස පුරප්පාඩු ඇතිවීමට හේතු වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    දෙමළ මාධ්‍යයෙන් ගුරුවරු බඳවා ගත් විට, උතුරු නැඟෙනහිර පළාත්වලින් තමයි එන්නේ. ඒ අය සේවය කරන්නේ නෑ, අතහැර යනවා. ඒ නිසා තාවකාලික පදනම මත විශ්‍රාම ගිය ගුරුවරු බඳවා ගැනීමට මේ වනවිටත්
    අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya