මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමහර වැඩවර්ජන දේශපාලන වුවමනායි- දේශපාලන වාසියට වඩා රට වෙනුවෙන් සිතිය යුතුයි -අමාත්‍ය මහින්ද අමරවීර

    ජූනි 21, 2018

    දේශපාලන වාසි ගැන සිතනවට වඩා මීට වඩා රට වෙනුවෙන් සිතා කටයුතු කළ යුතු බවත් සමහර වැඩවර්ජන දේශපාලන වුවමනාව මත සිදු කරන වැඩවර්ජන බවත් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත,සුරාබදු ආඥා පනත යටතේ නිවේදන දෙකක් සහ ආනයන හා අපනයන ( පාලන ) පනත යටතේ නියෝගය විවාදයට ගත් අවස්ථාවේ දී විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ අඳහස් පළ
    කළේ ය.


    ගිලන් රථ සේවය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සුහඳතාවය වර්ධනය කරගැනීමට ලබුණු පරිත්‍යාගයක්. ජිනීවා ප්‍රශ්නයේ දී, යුද්ධය තිබුණු වෙලාවේ දී, ඉන්දියාව අපට උදව් කළා. දැන් ඉන්දියාව සමඟ සුහඳව කටයුතු කරනවා.
    රෝ ඔත්තු සේවය ගිලන් රථ හරහා එනවා කිවා. ආව රෝ ඔත්තු සේවයක් නෑ. එහි සේවකයින් ලංකාවේ අය කටයුතු කරන්නේ. හණුමා පාලන්මක් එනවා කිව්වා. එට්කා ගිවුසුමක් ගැන කිව්වා. අද වෙනකම් එහෙම ගිවිසුමක්
    අත්සන් කරලා නෑ.

    ආපසු හැරි බලුවාම අපි ණය කාරයෝ වෙලා. අපි ගත්ත තීන්දු නිසා සිදු වූ දේවල් කියලා තේරුම් ගන්න ඕන. අපි මීට වඩා රට වෙනුවෙන් සිතා කටයුතු කළ යුතුයි, දේශපාලන වාසි ගැන සිතනවට වඩා.සෞඛ්‍ය ක්ෂේත්‍රයට අති විශාල මුදලක් මේ රජය වියදම් කරනවා. අද කුමක් කිව්වත් අත්‍යාවශ්‍ය බෙහෙත් ගණනාවක මිල අඩු වී තිබෙනවා.

    කිසිම රජයකට යටත් වෙන්නේ නෑ. මේ රට පාවා දෙන, වැඩපිළිවෙලකට ඉඩ තබන්නේ නෑ. දවස ගානේ ප්‍රවෘත්ති මවන්න පුළුවන්. සමහර වැඩවර්ජන දේශපාලන වුවමන මත සිදු කරන වැඩවර්ජන කරනවා. ඒවට විසඳුම් දෙන්න අමාරුයි. දැන් බය නැතිව වැඩවර්ජන කරන්න පුළුවන්. මේ රජය මිනිස්සු මරන්න, අයිතිය පැහැර ගෙන නෑ. වාර්තා කරන්න නිදහස ලබාදී තිබෙනවා. අහිංසක මිනිස්සු පීඩාවට පත් නොවන ආකාරයට තම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩ වර්ජනය කරන අයගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya