මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සුවසැරිය'' ගිලන් රථ සේවය සෑම පුරවැසියකුම වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක කරනවා

    ජූනි 21, 2018

    සුවසැරිය ගිලන්රථ සේවය සෑම පුරවැසියකුම වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා, අද (21) පාර්ලිමේන්තුවේ දී 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත විවාදයේ දී අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    සුවසැරිය ගිලන් රථ සේවය වෙනුවෙන් මූල්‍යාධර ලබාදීම වෙනුවෙන් ඉන්දීය රජයට සහ ජනතාවට ස්තූතිවන්ත වෙනවා. රජයේ ප්‍රතිපත්ති මාලාවේ එක් මූලධර්මයක් වන්නේ,මේ රටේ පුරවැසියෙකු නම් කවුරු හෝ ඔවුන් නීතිය ඉදිරිපිට එක හා සමානයි යන්නයි. උතුරු ජනතාවගේ අපේක්ෂාවන් අපි දන්නවා. රජයක් වුනාම ක්‍රමාණුකූල වැඩසටහනකයි සිටින්නේ.උතුර - දකුණ කියලා වෙනසක් නෑ. සැමට එක සමාන සේවයක් කරනවා. පුද්ගලික ඉඩම් නැවතත් උතුරේ ජනතවට ලබාදෙනවා. තවත් ඉඩම් නිදහස් කිරීම ගැන සාකච්ඡා කළා.අපි සංහිඳියාවට මුල්තැන දෙමින් සංහිඳියාව ගොඩනඟාගෙන යනවා. මේ රටේ සෑම ජන කොටසකගේම අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. උතුරේ පමණක් නොවේ, දකුණේ ජනතාවගේ පමණක් නොවේ උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂ කරන්නට අවශ්‍යයි.


    සුවසැරි සේවය කරන්නේ රටේ සෑම පුරවැසියෙක් වෙනුවෙන්මයි සිදු කරන්නේ. මෙම සේවය සෑම පුරවැසියෙකුටම ලබදීමට කටයුතු කරනවා. නිදහස් අධ්‍යාපනයට,නිදහස් සෞඛ්‍ය සේවයට අප කැපවී සිටිනවා. අද දෙමව්පියන් ප්‍රමිතියක් තිබෙන අධ්‍යාපනයක් ඉල්ලා සිටිනවා. අපේ ප්‍රතිපත්ති වන්නේ ප්‍රමිතියක් සහිත අධ්‍යාපනයක් ලබාගන්නට අයිතිය ආරක්ෂා කරන අතරේ පුද්ගලීක අංශයෙන් හෝ රාජ්‍ය නොවන අංශයකින් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් නම් එයට බාධා කරන්නේ නෑ. විනාඩි 13කට අඩු කාලයක් තුළ ගිලන් රථයක් ලබාගන්න පුළුවන්. ධනපතීන්ට සීමා වූ ගිලන් රථ සේවය දැන් සාමාන්‍ය ජනතාවට  ලබාගන්න පුළුවන් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya