සුරාබදු ආඥා පනත යටතේ නිවේදන දෙකක් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අතර විවාදය අරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
රාජ බෝතල් කිරීමේ වාර්ෂික බලපත්‍ර ගාස්තුව අඩු කිරිමට අප එකඟ වුණා. බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළින් රා කර්මාන්තය නියාමයට හැකියාව තිබෙනවා. රජයක් හැටියට දේශිය ආදායම් විධිමත් කරන්න විවිධ ක්‍රියාමාර්ග ගත්තා. සම්පූර්ණ අදායමෙන් සියයට 82ක් ලැබෙන්‍නේ වක්‍ර බදුවලින්. ඍජු බදු ලබා ගන් නේ සියයට 18ක් පමණයි. මෙය පිළිගත නොහැකි තත්ත්යක්. ඒ නිසා අපි ඍජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩු කරගන්න ඕන. වැඩිය ගෙවන්නත් හැමදාම ගෙවන මිනිසුන්ට තලන්‍නේ නැතුව ගෙවන්නේ නැති මිනිසුන්ගෙන් අය කර ගත යුතුයි.
මිලියන 21ක් ජනතාව ඉන්න රටක බදු ලිපිගොනු ලක්ෂ 4යි තිබුණේ. අපි නව පනත දැම්මට පසු බදු ගෙවන ජනතාව ඉදිරිපත් වී තිබෙනවා. පසුගිය බදාදා වන විට නව බදු ලිපි ගොනු 69,000ක් ආරම්භ කර තිබෙනවා. මෙය එක මාසයක් තුළ ලබාගත් ප්‍රගතිය ඉදිරියට ගෙනගියහොත් 2020 වන විට වැට් බද්ද සියයට දෙකහමාරකින් අඩු කළ හැකියි. අපිට ලැබුණෙ විශාල ණය බරක් සහිත රටක්. මේ වසරේ ට්‍රිලියන 1.9ක් අපි ණය ගෙවනවා. මෙයින් සියයට 80ක් තිබෙන් නේ 2015ට පෙර ගත්ත ණයයි. අපි මේ ණය මඟ හරින්‍නේ නැතුව ජනතාවට සහන ලබාදෙමින් ආර්ථිකය ඉදිරියට ගෙනවා. රජයේ සේවකයින්‍ගෙ වැටුප් රුපියල් 10,000කින් වැඩි කළා. අපි භාණ්ඩ මිල අඩු කළා. අද වැඩි කළත් 2015වට වඩා අඩුයි. 2014 පරිප්පු මිලට වඩා පරිප්පු අද අඩුයි. පොල් මිල විතරයි අපිට පාලනය කරගන්න බැරි වුණේ.
සුවසැරිය සේවාවත් පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. 2015 පසු ස්‍ට්‍රෙන්ත් නොමිලේ ලබා දුන්නේ . හොඳම අක්ෂි කාච නොමිලේ ලබාදෙනවා. පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර එදා සීමා කළා. ලක්ෂ පහළවක ප්‍රතිකාර කලාට පසු පිළිකා රෝගීන් හොඳ නොවුණහොත් රොගීන්‍ගෙන් අය කළා. අද සියළුම පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර ලබාදෙනවා. ඖෂධ මිල පහල දමා තිබෙනවා. ජනතා ප්‍රශ්න වලට සංවේදී රජයක් හැටියට කටයුතු කර තිබෙනවා. ජනතාවට ලබාදිය යුතු සහන අපි ලබාදී තිබෙනවා. පෞද්ගලික රෝහල්වල තිබෙන චැනලින් බද්ද ඉවත් කිරිමට කටයුතු කරනවා. අපි මේ රට විනාශ කරන්න ඉඩ තියන්‍නේ නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසී ය