මෙහි පරමාර්තය තමයි 1990 පදනමක් ස්ථාපිත කිරීම. මේ රටේ පූර්ව රෝහල ගිලන් රථ සේවාව හා හදිසි ගිලන් රථ සේවා නොමිලේ ලබාදෙන්න පියවර ගැනීම නිසා අපේ සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කරන්න හැකි වෙනවා. සියලු උපකරණ සහිත වෛද්‍ය සේවයක් ක්‍රියාත්මකයි. මෙය ගිලන් රථ සේවයක් පමණක් නොවේ මෙය ශුද්ධ රෝහලක්. අපි සංවර්ධිත රටක් බවට මේ හරහා පරිවර්ථනය වෙනවා. සමහරු නොයෙක් උද්ඝෝෂණ කළා. ද්වේශ සහගත කතා කළා.රෝහල් පැත්ත පලාතේ ගෙන්න එපා කිව්වා. අපි පසුබට වුණේ නෑ. 1990 නවත්වන්නේ පොලිස් ස්ථානවල නවත්වන්න තීරණය කළා. 2016 ජූලි මාසයේ පළාත් දෙකකින් මෙය ආරම්භ
කළා. 1990 සුව සැරියට ජනතාව වන්දනා කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ජීවිත 27 බිහි වෙලා තිබෙනවා මෙම ගිලන් රථයේ දී. මේ සේවය මුළු ශ්‍රි ලංකාවට ලබාදීමටත් මේ පනත සම්මත කරගන්න කටයුතු කරන්නේ .ඉන්දියාවෙන් තෑග්ගක් ලෙස ලැබුණු ප්‍රදානයක් මඟින් අපි ගිලන් රථ සේවය ආරම්භ කළා. මේ ප්‍රදානය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට සහ රජයට ස්තූතිය පළ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය