අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000ක් වගා කිරීමේ සැලැස්මක්

    ජූනි 11, 2018

    රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000ක් වගා කිරීමට  සාකච්ඡා කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරය මේ බව සඳහන් කර තිබේ.

    බස්නාහිර පළාතේ කර්මාන්ත දියුණුව ඇතිවන විට පොල්, රබර් ගස් කැපෙන බවත් එම නිසා රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000 ක් වගා කිරීමට අප සාකච්ඡා කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

    වව්නියාව මාන්කුළම ප්‍රදේශයේ අක්කර 10,000 ක් පමණ ඒ සඳහා ලබා ගැනීමට අප බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා එම කටයුතු ඉදිරියට කර ගෙන යන බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

    ''ඒ වගේම මොණරාගල සහ මාතලේ ඇතැම් ප්‍රදේශවලත් රබර් වගා කිරීම පිළිබඳව සැලසුම් සකස් කරමින් යනවා. දයා ගමගේ ඇමැතිතුමා විසින් කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. මගේ අමාත්‍යංශය යටතේ නුවර, මාතලේ, ඇල්කඩුව, කුරුණෑගල ආදී ප්‍රදේශවල කොකෝවා වගාව දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප එවැනි වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. චොකලට් නිෂ්පාදකයින් එම කෝකෝවා මිලදී ගැනීමට සූදානම් බව මේ වන විට පවසා තිබෙනවා. ඒ වගේම පොල්, රබර් පිළිබඳව ද කිසිදු ගැටළුවක්ඇ තිවන්නේ නැහැ. තම අස්වනු හරහා ජනතාවට වැඩි වශයෙන් මුදල් ලබා ගත හැකි ආකාරයට ආර්ථික වැඩසටහන ක්‍රියාත්මක කරනවා '''යයි ද අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya