අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,ජාතික පාරිසරික පනත යටතේ නියමය විවාදයේ දක්වමිනි.
පරිසර ක්‍රියාකාරකම් ගංවතුරට බලපෑවා. සංවර්ධනය මුවාවෙන් සමහර ගොඩකිරීම් නිසා, වැව් අල්ලාගැනීම නිසා වැඩි වශයෙන් ගංවතුරට මුහුණ දෙන්න සිදු වෙනවා.බස්නාහිර පළාතේ පමණක් ගොඩකිරීම් 3500ක් ඉල්ලීම් ලැබී තිබෙනවා. පූර්ණ වශයෙන් සැළකිලිමත් වී අනුමැතිය දෙන්න කියලා උපදෙස් ලබාදුන්නේ. ගංගා රක්ෂිත විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ඉන්නවා.
ජනාධිපතිතුමා පරිසරයට ආදරය කරමින් අනවසර කටයුතුවලට ඉඩ නොදී පරිසර ආරක්ෂණයට කටයුතු කරනවා. නියඟය නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න සිදු වුණා. රුපියල් මිලියන 38000ක් නියං සහනාධාර ලෙස ගෙවන්න සිදු වුණා. මේ ගැන කතා වෙන්නේ නෑ. නියඟය නැති වුණා නම්, ආර්ථිකය තව ඉහළ නංවාගැනීමට හැකි වෙනවා.
මේ රටේ ප්‍රගතිය කරා ගිය විශාල අංශ ගණනාවක් තිබෙනවා. 2017 වාර්තාගත මත්ස්‍ය අපනයනය කළා. ඉහළ වැටුප් වැඩිවීමක්. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු වීම, අනෙකුත් සහනාධර දීමනා වැඩි කළා.මේ ගංවතුර ගැන පෙර සූදානමින් සැලසුම් සහගත ලෙස කටයුතු නිසා ජීවිත හානිය අවම කරගන්න හැකි වුණා. අද නිවාසවලට ව්‍යාපාරික ස්ථානවලට වන්දි ලබාදෙන මට්ටමට ක්‍රියාකරන්න හැකි වුණා.ධීවර කර්මාන්තයේ යෙදෙන අයට ලක්ෂ 10 බැගින් ලබාදුන්නා. කෘෂි රක්ෂණය ජනතවගෙන් සල්ලි අය කරන්නේ නැතිව රුපියල් 40,000ක රක්ෂණයක් ලබාදෙනවා.වැව් සකස් කරන්න විශල මුදලක් වැය කළා. ස්වාභාවික විපත් මධ්‍යයෙන් ලබාගත් ප්‍රගතිය ජනතාවට කියන්න බැරි වුණා.වැව් 1000ක් ප්‍රතිසංස්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නියඟයට වගේම ගංවතුරට දෙන්න පුළුවන් සියලු ආධාර රජයක් ලෙස ලබාදෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.