මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිම්බෝම්බ ඉවත් කළ වහාම නැවත පදිංචි කරනවා - අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්

    මැයි 24, 2018

    කිළිනොච්චි දිස්ත්‍රික්කයේ බිම්බෝම්බ ඉවත් කිරීමට පවතින ග්‍රාමසේවා වසම්ව්ල බිම්බෝබ ඉවත් කළ වහාම ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු  කරන බවත් එම කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවත් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

    කිළිනොච්චි දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම්වල පවුල් 300ක් පමණ 2000 වර්ෂයේ අවතැන්වී නැවත පදිංචි නොකර කුලී ගෙවල්වල බොහෝ බාධාවන් මධ්‍යයේ ජීවත් වෙනවා. එම ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම දුෂ්කර බව ස්වේච්ඡා සංවිධාන පවසනවා. පවුල්වල නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න. එය සිදු කරන්නේ කවදාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ ය.


    මෙහිදී පිළිතුරු ලබාදුන් අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා; කිළිනොච්චි දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම්වලට අයත් ප්‍රදේශවලින් බිම්බෝම්බ නොමැති ප්‍රදේශවල නැවත පදිංචි කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.බිම්බෝම්බ ඉවත් කිරීම දුෂකරතා තිබෙනවා. මෙම ප්‍රදේශ වර්ග කිලෝමීටර 7ක බිම් ප්‍රමාණයකින් වර්ග කිලෝමීටර් 3ක ප්‍රදේශයක බිම්බෝම්බ ඉවත් කර තිබෙනවා . එම ප්‍රදේශයේ ජනතාව පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. ඉතිරි කොටසේ බිම්බෝම්බ ඉවත් කිරීම කරනව. මෙම කටයුත්ත අවසන් වූ පසු ජනතාව නැවත පදිංචි කරනවා. මෙම කටයුතු සීග්‍ර කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya