ජාතික පාරිසරික පනත යටතේ නියමය හතක් අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදටට ගත් අතර විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
සුවිශේෂී ප්‍රදේශ පාරිසරික ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවා. වරාතැන්න- හක්කිඳ ප්‍රදේශය අසළ පිහිටි සියලු දූපත් ඇතුළත්ව හෙක්ටයාර් 59.4ක් වූ ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා
මේ ප්‍රදේශය අද්විතීයිය භූ ලක්ෂණ සහිත ප්‍රදේශයක් වෙනවා.අධි සංවේදී පරිසර පද්ධතියක් වෙනවා. ඒ නිසා ආරක්ෂා කරගත යුතුයි. පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානයක්. ඩෞෂධ පැලෑටී තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ ජල අවශ්‍යතාව සපුරන ජල ප්‍රභවයකි. මෙයට ඇතිවන තර්ජන වැලැක්වීමටයි නීතීන් පනවා තිබෙන්නේ. ගඟ රක්ශිතයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගන්නවා. අනවසර ගොඩනඟිලි තිබෙනවා. අවිධිමත් කසළ බැහැර කිරීම් සිදු කරනවා. ආක්‍රමණික සත්ත්ව සහ ශාක ව්‍යාප්ත වෙනවා.මේ ප්‍රදේශය අරක්ෂා කළ යුතුයි.
පොලිතීන් කළමනාකරණයට නීති ඉදිරිපත් විය යුතුයි කියලා අද නියමයක් ඉදිරිපත් වෙනවා. මක්‍රෝන් 20ට අඩු ගනකමින් යුතු පොලිතීන් වර්ග නිෂ්පාදනය කිරීම හෝ විකිණීම,තහනම් කිරීම සිදු කර තිබෙනවා. විශාල පරිසර දූෂණයක් රටේ ඇතිව තිබෙනවා.ආහාර දවටන මිලියන 2ක් දිනකට සැහැල්ලු පොලිතීන් මලු මිලියන 1.5ක් භාවිතා කරනවා. අවසානයේ අපද්‍රව්‍ය ලෙස නිකුත් කිරීමෙන් විශාල පරිසර හානියක් සිදු වෙනවා. ආර්ථික හා සමාජීය ගැටළු පැන නගිනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදී මධ්‍යම පරිසර අදිකාරිය ක්‍රියාකාරී සැලස්මක් සකස් කර තිබෙනවා. රෙගුලාසි පනවා තිබෙනවා. වැඩි ගනත්වයෙන් යුතු පොලිතීන් මලු තහනම් කර තිබෙනවා. ප්ලාස්ටික් විවෘතභූමියේ පිලිස්සීම තහනම් කර තිබෙනවා. කොතරම් තදින් නීතිය ක්‍රියාත්මක කළත් පොලිතීන් භාණ්ඩ පවතින බව දැක තිබෙනවා. රටේ ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවතිනවා. ප්ලාස්ටික් කෝප්ප වතුර රැදී තිබෙනවා. වන් ප්ලැනට් සමුළුවට සහභාගී වුණා.පැහැදිලි වුණා ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස වලට අභියෝගාත්මකව මුහුණ දෙන්න වෙලා තිබෙනව කියලා. මෙය විශාල අභියෝග්යක් ශ්‍රී ලංකාවට. ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය වඩි කරන්න අපේ රටෙන් කිසිම දෙයක් එකතු කරලා නෑ.
අපි මුහුණ දෙන ප්‍රශ්නය තිබෙනවා. අපදා කළමනාකාරිත්වය පමණක් මදි, අවදානම අඩු කරගන්නේ කොහොමද කියලා බලන්න ඕන. ලංකාවට මුහුණ දෙන්න වෙනවා. විශාල ආයෝජනයක් අවශ්‍යයි.
රටේ තදින් පරිසර නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍යයි.වාහනවල දූෂිත වායු වැළැක්වීමට කටයුතු සැලසිය යුතුයි. නීල හරිත ආයෝජන අප කළ යුතුයි. ජල කළමනාකරණය කළ යුතුයි. කුඩා වව් 22000ක් ප්‍රතිසංස්කරණයට මුදල් වෙන් කර තිබෙනවා. නීල හරිත උද්‍යාන, නිෂ්පාදිත දේ නීල හරිත විය යුතුයි. මුහුදු සම්පත ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙනවා. සූර්ය බල සංග්‍රාමයක් ආරම්භ කර තිබෙනවා. ගල් අඟුරු බලාගාරය ගැන අප සංවේදී විය යුතුයි. ඒ ප්‍රදේශවල ජනතාවට ගැටළුවක් තිබෙනවා.අපි තීරණ ගන්න අවශ්‍ය අනාගත පරපුර ගැන සිතලයි ''යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.