මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාවේ නාමයෙන් ජනපති ඉටුකරන්නේ සීමාව ඉක්මවා ගිය කැපකිරීමක්

    මැයි 23, 2018

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ වත්මන් රජය රට තුළ සංහිදියාව ගොඩනැගීම සඳහා සීමාව ඉක්මවා ගිය දැඩි කැපකිරීමක් සිදුකරමින් සිටින බව කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍යකොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ ප‍්‍රකාශ කරයි.

    විරුද්ධ මත සහ විරුද්ධ කි‍්‍රයාකාරකම් ඉවසමින් දැඩි සංයමයකින් යුතුව සංහිඳියාවේ නාමයෙන් සිදුකරන එම කැපකිරීමට සමාජයෙන් යම් වටිනාකමක් හිමිවුවාද යන්න සියලූදෙනා හෘද සාක්ෂියෙන් විමසිය යුතුව ඇති බව ද
    උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

    දකුණේ ඡුන්ද පදනම ද පටුකොට ගනිමින්, ජනාධිපතිතුමා මේ වෙනුවෙන් ඉටුකරන්නේ පහසු කාර්යයක් නොවන අතර ඒ පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව කැපවීමෙන් සහ අවංක හිතෛෂිභාවයෙන් ඒ වටා ඒකරාශිවන්නැයි සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන් තමන් නැවතත් මේ රටේ සියලූ පාර්ශවවලට ආරාධනා කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    සංහිඳියාව වෙනුවෙන් වූ වගකීම එක් පාර්ශවයකට පමණක් ඉටු කළ නොහැකි අතර ඒ සඳහා සියලූ පාර්ශ්වයන් එක්වීමේ වැදගත්කම අවධාරණය උන්වහන්සේ සාමයෙන්, සංහිඳියාවෙන් සහ සහෝදරත්වයෙන් යුත් අනාගතක් රටට උදාකර දීම වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමට සියලූ පුරවැසියන්ද එක්විය යුතු බව අවධාරණය කළහ.

    රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුමට සමගාමීව විශේෂ පහන් පූජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 19 වනදා රාති‍්‍රයේ ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණු අතර එහි විශේෂ අනුශාසනාව සිදුකරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ,


    රටට උවදුරු කිරීමට පැමිණි පරසතුරන් පරාජය කරමින් සහ රටේ සුළු ජාතින්ගේ අයිතිවාසිකම් උදුරාගැනීමට සිදුකළ සිවිල් යුද කුමන්ත‍්‍රණ සෑම දෙයක්ම පරාජය කරමින් ඉතිහාසය පුරා මේ රටේ උරුමය රැුකදුන්නේ,මේ රට
    ආරක්ෂා කළ රණවිරුවන්  අදත් එම කාර්යය අකලංකව අපේ රණවිරුවන් විසින් සිදුකිරීම අප සියලූදෙනාගේ ප‍්‍රසාදයට මෙන්ම ආශිර්වාදයට හේතුවෙනවා. අපි එදත් මේ රණවිරුවන් සමගයි ජීවත්වුණේ. අදත් හෙටත් අපි ජීවත්වෙන්නේ මේ රණවිරුවන් සමග බව ප‍්‍රකාශ කරනවා. ඒ නිසා අපගේ හදවත්වලට,ලේවලට, ඇට මිදුළුවලට එක් වී ඇති මේ රණවිරුවන් ඇගයීම හා ඔවුන්ට ගෞරව කිරීම වෙනුවෙන් කළහැකි එකම සංග‍්‍රහය තමයි මෙවැනි පිංකම් සිදුකර පිං අනුමෝදන් කිරීම සහ ආශිර්වාද කිරීම. ඒ වෙනුවෙන් අපේ ශ‍්‍රීමත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද දක්වන උනන්දුව,කැපවීම සහ දායකත්වය මහා සංඝතරත්න ලෙස අප ඉතා අගය කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya