මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රමාණවත් ජලය ලැබීමත් සමග මහවැලි කලාපවල කෘෂිකාර්මික කටයුතු නව ප‍්‍රබෝධයකින් ඇරඹීමට සැලසුම්

    මැයි 23, 2018

    පවතින වර්ෂාපතනයත් සමග මහවැලි කලාපවල ජලාශ ද මේ වන විට ජලයෙන් පිරී ගොස් තිබෙන අතර, මහවැලි ගොවි ජනතාවට ජල හිඟයකින් තොරව ඉදිරි වගා කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ලැබී තිබේ.

    රටට බත සපයන මහවැලි කලාපවල එම සශ‍්‍රීකත්වය නැවත ඇතිකරමින් ක‍්‍රමවත් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරි යල කන්නයේ වගා කටයුතු ආරම්භ කරන ලෙස මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කර තිබේ.

    පසුගිය වසර කිහිපය තුළ පැවති දැඩි වියළි කාලගුණය හේතුවෙන් මහවැලි කලාපවල කෘෂිකාර්මික කටයුතු සඳහා දැඩි බාධා එල්ල වී තිබූ අතර මහවැලි ගොවින්ගේ ජන ජීවිත ද ඛේදනීය තත්ත්වයකට පත්ව තිබුණි.

    එහෙත් පැවති වියළි කාලගුණය පහව ගොස් ප‍්‍රමාණවත් පරිදි වැසි ලැබීමත් සමග එම කෘෂිකාර්මික කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වී තිබෙන අතර විධිමත් සහ ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරි යල කන්නයේදී නව ප‍්‍රබෝධයකින් යුතුව සිය කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු සහන ගොවි ජනතාව වෙත ලබාදීමට ද ජනාධිපතිතුමා අදාළ නිලධාරින් වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

    මෙවර යල කන්නයේ මහවැලි කලාපවල හෙක්ටයාර් 90,000 ක් පමණ වන වගාබිම් අස්වද්දමින් සියයට සියයක වී අස්වැන්නක් ලබාගැනීමට ඒ අනුව නව සැලසුම් කඩිනමින් කි‍්‍රයාවට නැංවේ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya