ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය අද (22)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් විවාදය ආරම්භ කරමින් අඳහස්
දැක්වීය.
සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කර තිබෙනවා. 2017 වසරේ සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 1.9ක්. ඉලක්කය වන්නේ, මේ වසරේ ඩොලර් බිලියන 2.9 ක් ලබාගන්නයි. 2018 වසරේ
ආයෝජන මණ්ඩලය අනුමත කර තිබෙනවා,ඩොලර් බිලියන ගණනක් ව්‍යාපෘති. මේ වසරේ එයට අනුමැතිය ලැබෙනවා.
අපනයනයට හිතකර පරිසරයක් උදා වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසර තුනේ මේ ආණ්ඩුවේ ආර්ථික දක්ම අනුමත කරන බව පේනවා. 2030 එතුමාගේ ආර්ථික දැක්ම 2025 අපේ ආර්ථික දැක්මේ කොටසක්
කියලා පේනවා. අපි දියුණු අර්ථිකයන් සමඟ ගිවිසුම් අත්සන් කරනවා. ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරගැනීම අරමුණයි. ආර්ථිකය සංවර්ධනය ඒ සඳහා කළ යුතුයි. මේ රට දූෂණයෙන්
තොර රටක් කළ යුතුයි. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට උපදෙස් අරගෙන නෑ කියනවා. දේශීය ආදායම්වලට බලපෑම් වෙනවලු. අපි ආයෝජන දිරිමත් කරමින් නිෂ්පාදන ක්ෂේත්‍රයට අගය එකතු කරමින් මේ ගිවිසුම අත්සන් කළේ. මේ ගිවිසුමට කැබිනට් අනුමැතියක් අරගෙන තිබෙනවා. වෘත්තිකයන්, කාර්මික ක්ෂේත්‍රයන් සමඟ සාකච්ඡා කරලයි ගිවිසුම් අත්සන් කරන්නේ. ඉදිකිරීම්, කොම්පියුටර්, නාවික ක්ෂේත්‍ර සමඟ
සාකච්ඡා කර උපදෙස් ලබාගත්තා. විදේශිකයන් මෙරටට පැමිණීමෙන් මේ රටේ වෘත්තිකයන්ට අවස්ථාව නැතිවෙනවා කියනවා. එසේ වෙන්නේ නෑ. සිංගප්පූරු පුරවැසියන්ට වෘත්තීය අවස්ථාවන්ට මෙහෙ බැදෙන්න බෑ.
ජනතාව පැමිණෙන්නේ නැති වෘත්තීය අවස්ථා පමණයි දෙන්නේ නෑ. ඉංජිනේරුවන්ට ගෘහනිර්මාණශිල්පීන්ට පැමිණෙන්න බෑ. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන කරනවා. මෑන් පවර් කොම්පැණියක්
අනුමත කර නෑ. ආයෝජකයන් නම් පමණයි යම් සහනයක් ලැබෙන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.