මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශක්තිමත් ආර්ථිකයක්,බලගතු රටක් නිර්මාණය කිරීම සඳහා අධිෂ්ඨානයෙන් කටයුතු කරගෙන යනවා

    මැයි 22, 2018

    ශක්තිමත් ආර්ථිකයක් තුළින් බලගතු රටක් නිර්මාණය කිරීම සඳහා අප ඉදිරිපත් කර තිබෙන සැළැස්ම ඔස්සේ ශක්තිමත් ආර්ථිකයක් සහ හොඳ සමාජයක් බිහි කිරීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරගෙන යනවා බව ජතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය අද (22)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. නියමය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ගංවතුර තත්ත්වයෙන් පීඩා විදි ජනතාව ගැන කණගාටුව ප්‍රකශ කරනවා. ජනතාවට සහන් ලබාදීමට කටයුතුකරගෙන යනවා. ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක පවතිනවා. ශක්තිමත් ආර්ථිකයක් තුළින්  බලගතු රටක් නිර්මාණය කිරීම සඳහා අප ඉදිරිපත් කර තිබෙන සැළැස්ම ඔස්සේ ශක්තිමත් ආර්ථිකයක් සහ හොඳ සමාජයක් බිහි කිරීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරගෙන යනවා.

    77 එක්සත් ජාතික පක්ෂය විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. අද බොහෝ රටවල්, සමාජවාදී රටවල් පවා විවෘත ආර්ථිකය පිළිගෙන ගෝලීය ආර්ථිකයට සම්බන්ධවෙලා, ඒ අයගේ ආර්ථික ක්‍රමවේදය ඉදිරියට ගෙන යනවා.
    රජයක් ලෙස තීන්දු ගන්නවා. ලෝක යථාර්ථය තේරුම් ගෙනයි තීන්දු තීරණ ගන්නේ.

    අනෙක් රටවල ආදර්ශ හිතට අරගෙන, අනෙක් රටවල් කොහොමද ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගුවේ, යහපත් සමාජයක් බිහි කළේ, කියලා හිතට අරගෙන, පොදු සැළැස්මක් යටතේ රට ඉදිරියට ගෙන යා යුතුයි.ශක්තිමත්ව
    එක දිශාවකට රට ගෙන යා යුතුයි. පසුගිය රජයේ වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා ආර්ථික විපාක භුක්තිවිදින්න සිදු  වුණා. ජී.එ.පී.ප්ලස් අහිමි වෙලා, කර්මාන්තශාලා අහිමිවෙලා, රැකියා අහිමි වෙලා, ඉන්දියාවට, බංගලාදේශයට
    කර්මාන්තශාලා ගිය යුගයක් තිබුණා. එදා ධීවර කර්මාන්තයට බලපෑමක් ඇති වුණා.


    ණය අරගෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් බැහැරව, ගෝලීය ආර්ථිකය තුළින් විදෙස් විනිමය ගෙනැවිත් ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමක් අප දකින්නේ. පසුගිය රජයේ ව්‍යාපෘතිවලින් ආදායම්  ලබාගන්න අසමත් වුණා. හම්බන්තොට වරාය දැන් ණය බර අඩු කරලා,අද ලෝකයේ කේන්ද්‍රස්ථානයක් කරන්න  කටයුතු කරගෙන යනවා. සිංගප්පූරු ගිවිසුම තුළින් බලාපොරොත්තු වන්නේ රැකියා උත්පාදනය මිසක් රැකියා
    වෙනත් රටකට දෙන්න නොවෙයි රාජ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya