මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ හෙද දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි ...

    මැයි 17, 2018

    ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කළ හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 

    හෙද සේවාව නංවාලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගත් කි්‍රයාමාර්ග අගය කරමින් විශේෂ සම්මානයක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ පිරිස් අගයමින් සම්මාන හා තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

     ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya