අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි අංශය නවීකරණය කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකයත් රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා- අගමැති

    මැයි 18, 2018

    කෘෂි අංශය නවීකරණය කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය මෙන් ම රටේ ආර්ථිකය ද ශක්තිමත් වන බවත් එයින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කෘෂි නිෂ්පාදනය අපනයනය කිරීමෙන් රටේ විදේශ විනිමය ආදායම වර්ධනය වන බවත් ඉදිරි අවුරුදු පහ තුළ දී  අපනයනය වැඩි කිරීමෙන් රටේ විනිමය ආදායම දෙගුණ තෙගුණ කරගන්නට කටයුතු කළ යුතු බවත්  අග්‍රාමාත්‍යවරයා ප්‍රකශ කළේ, පසුගිය දා ලෝක බංකුවේ ආධාර ඇතිව කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය යටතේ  ව්‍යවසායකයන්ට මූල්‍ය ප්‍රදානය කිරීම නිමිත්තෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවැති උත්සවයට සහභාගී  වෙමිනි.


    මෙහිදී තවදුරටත් කතා කළ අග්‍රාමාත්‍යවරයා ;

    ගම පොහොසත් වුණාම රටේ ආර්ථිකය පොහොසත් වෙනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි අද කෘෂිකර්මය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහනට ලෝක බැංකුවෙන් අපට ඩොලර් මිලියන 102ක් ලබා දී තිබෙනවා. අද මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. එක එක ජන කොටස් විශේෂයෙන් තරුණ අය කෘෂිකර්මයෙන් ඈත් වෙනවා. කෘෂිකර්මයෙන් ඈත් වුණාම කෘෂිකර්ම නිෂ්පාදන අඩු වෙනවා. දැන් ඒ තත්ත්වය වෙනස් කරන්න ලෝකයේ කෘෂිකර්මයේ සිදුවන වෙනස්කම් ලංකාවේත් ක්‍රියාත්මක කරන්නයි අප කටයුතු කරන්නේ. ඒ අනුව කෘෂිකර්මය  නවීකරණය කිරීමේ වැඩසටහන අපි ලෝක බැංකුව එක්ක ඉදිරියට ගෙනියනවා. ලෝකයේ ඇමරිකාව වුවත්, චීනය වුවත්, තායිලන්තය වුවත්, මැලේසියාව වුවත් අද කෘෂිකර්මාන්තය නිවීකරණය කර තිබෙනවා.


    කෘෂිකර්මය නවීකරණයෙන් කෘෂි නිෂ්පාදන වැඩි කරනවා. නිෂ්පාදන අගය වැඩි කරනවා. එයින් කෘෂි ආර්ථිකය ආරක්ෂා වෙනවා. ලංකාවේ අද ආර්ථිකය ශක්තිමත් කරන්න විශේෂයෙන් මේ රටේ ජනතාවගේ ආදායම් දියුණු කිරීමේ වැඩසටහනේ එක් අංශයක් තමයි කෘෂිකර්මය නවිකරණය කිරීම. කෘෂි ක්ෂ්‍රේත්‍රයේ ජීවන ක්ෂ්‍රේත්‍රයේ ලැබෙන ආදායම වැඩි කරන්න්යි මෙම නවීකරණ වැඩසටහන ආරම්භ කරල තියෙන්නේ. එහෙනම් මේක ක්‍රියාත්මක වුණාට අනේක් වැඩසටහන් ක්‍රියාත්මක වුණාම අපේ බැංකුවල ණය දෙන ක්‍රම ක්‍රියාත්මක වුණාම අපේ අරමුණ කාෂි නිෂ්පාදන වල අගය වැඩි කිරීමයි. එයින් අපේ ග්‍රාමීය ආර්ථිකයේ ආදායම වැඩි වෙනවා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. රටේ ආර්ථිකය දියුණු කිරිමට මේ පරමාර්ථයෙන් තමයි  අද අප වැඩ කටයුතු කරන්නේ.

    ඒකෙ ප්‍රතිඵලයක් හැටියට අද ලංකාවේ අපනයනයන් වැඩි වෙලා තියෙනවා. අපේ විනිමය ආදායම වැඩි වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම අපනයන ආදායම
    ලැබුණේ 2017දී. වැඩියෙන්ම විදේශ ආදායම ලැබුණේත් 2017දී. ඒත් එයින් අපි සෑහීමක පත් වන්නේ නැහැ. අපි බලන්නේ විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න. අපි 2015දී ආණ්ඩුව භාරගන්න වෙලාවේ මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කර තිබුණා. එදා අපි දෙන්න තිබුණ ණය වල පොළිය ගෙවන්නවත් රටේ ආදායම ප්‍රමාණවත් වුනේ නැහැ. අද වෙන විට රටේ ණය ගෙවන්නට අපිට පුළුවන් වෙලා තියෙනවා.

    අපේ බලාපොරොත්තුව ඉදිරි අවුරුදු කිහිපය තුළදී මේ රටේ ණය බර නැති කරලා නිෂ්පාදනය තව තවත් වැඩි කරන්න.අපට පුළුවන් වෙලා තියෙනවා රටේ අපනයනය
    වැඩි කරන්න. ආයෝජන වැඩි කරන්න. අපනයනයන් වැඩි කිරීමෙන් රටේ ආදායම වැඩි වෙනවා. එයින් රැකියා
    අවස්ථා වැඩි වෙනවා.

    අප කර්මාන්තකරණයට පමණක් සීමා වුනොත් ගම් වල තරුණ තරුණියන් ගම් බද ජනතාව ගම් අත හැරලා නගරයට එනවා. මේ නිසා අපි ගමේ ආර්ථිකය දියුණු කරන්න ඕන. ගමේ ආර්ථිකය දියුණු කිරීමේ එක් පියවරක් තමයි මේ කෘෂිකර්මය නවීකරණය කිරිමේ වැඩසටහන. මෙමගින් ගමේ ආර්ථිකය ශක්තිමත් කළොත් තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අපි පසුගිය කාලෙ නියගයටත් ගංවතුරටත් මුහුණ දුන්නා. කන්න 04ක් නියග යන් පාළු වුණා. ඒත් අපේ ආර්ථිකය කඩා වැටුණේ නැහැ. අපට ආර්ථිකය ඉදිරියට ගෙන යන්න පුළුවන් වුණේ මෙම වැඩසටහන නිසයි.

    ඉදිරි අවුරුදු 05 තුළදී අපනයන වැඩි කිරිමෙන් විදේශ ආයෝජන වැඩි කිරීමෙන් අපේ විදේශ විනිමය ආදායම දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කරගන්නට කටයුතු කරන්න ඕන. එතනින් තමයි මේ රටේ දුප්පත් කම නැති කළේ. ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා දයා ගමගේ මැතිතුමාටත් එතුමාගේ අමාත්‍යංශයත් කරන සේවය අගය කළ යුතුයි.

    සමාජ සුභ සාධන හා ග්‍රාමීය කර්මාන්ත ඇමති දයා ගමගේ , අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමආරච්චි යන මහත්වරු සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් ද මෙහිදී කතා කළහ.

    ව්‍යවසායකයින්ට ආයෝජන ලිපි ප්‍රදානය කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya