නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය පාලනය, කාර්යසාධනය පෙන්වූ රාජ්‍ය ආයතනවලට ජාතික සම්මාන

    නොවැම්බර් 13, 2017

    මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීම සහ කාර්යසාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන 81ක් සඳහා ජාතික සම්මාන ප්‍රදානය කිරීම අද (13) සිදු විය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  මෙම සම්මාන උළෙල පැවැත්විණි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් මෙම උළෙල සංවිධානය කර තිබුණි.

    මෙහිදී සතුටුදායක කාර්යසාධනයක් පෙන් වූ  රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්මානයට පාත්‍ර විය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා, රාජ්‍ය  ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතා, නියෝජ්‍ය  කතානායක තිලංග සුමතිපාල මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, විගණකාධීපති ගාමිණී විජේසිංහ මහතා, මෙන් ම මැති ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රාදේශීය ආයතන ප්‍රධානීහූ රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya