මොරටුව මෙතෝදිස්ත උසස් විද්‍යාල වෙත පැමිණි ජනපති එම සිසු දරුවන් විසින් ද මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.
විද්‍යාලයේ 175 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන් සහ කී්‍රඩා ක්ෂේත්‍රයේ කුසලතා දැක්වූවන්
ඇගයීමට ලක්කරමින් තිළිණ පිළිගැන්වීම ද ජනපති අතින් සිදු විය.
මෙහිදී සිසුන් ඇමතූ ජනපති සඳහන් කළේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගාදීමට රජයේ සියලු වගකීම් නිසි ලෙස ඉටු කරන අතර,
අධිෂ්ඨානයෙන් සහ ආත්ම ශක්තියෙන් විභාග මෙන්ම ජීවිත ද ජය ගැනීමට දරුවන් කටයුතු කළයුතු බවයි.
ප‍්‍රබල සමාජ උවදුරක් වී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් බේරා ගැනීමට රජයේ කැපවීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ
සඳහා සමාජයේ සියලු දෙනා වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ යන
මහත්වරුන් සහ විදුහල්පතිනි නිලන්ති පෙරේරා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම
අවස්ථාවට එක්ව සිටියහ.