නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි වාහනවලට ප්‍රමුඛතාවය- රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මකයි - ලංගම හරිතකරණයට

    නොවැම්බර් 09, 2017

    ලංගම හරිතකරණයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් ආකාරයන්ගෙන් ධාවනය කරන තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. 2020 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට  පත් කරනවා යැයි අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාව කරමින් අද (9) පාර්ලිමේන්තුවේ දී  මේ බව කීය.

    උද්ධමනය සියයට 6%ට අඩු කරන්න බලාපොරොත්තුවෙනවා.විවිධ භෝග වගාකිරීමට ඉඩ සැලසෙන පරිදි කුඹුරු පනත සහ කෘෂිකාර්මික ඉඩම් පනත  සංශෝධනය කළ යුතුයි.

    නීලහරිත සංවර්ධන ක්‍රමෝපාය ඉදිරිපත් කළා.අපි ඉදිරිපත් කරන නීල හරිත ආර්ථික වැඩසටහන් මඟින් අපේ සාගර සම්පත් යෝදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබගත හැකි වෙනවා. ආර්ථිකයේ විවිධාංගීකරණය පහසුකරනවා. වාහන ප්‍රතිපත්තිය පවිත්‍රබවක් හෝ හරිත බවක් තිබුණේ නෑ. 2040 ඛණිජ තෙල් නොවන වෙනත් ආකාරයෙකින් ධාවනය කරන තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. 2025 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට  පත් කරනවා. ලංගම හරිතකරණයට ලක් කරන්න කටයුතු කරනවා. ඉලෙක්ට්‍රික්  බස් 50 සඳහා මිලියන 500ක් වෙන්කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya