පසුගිය සමයේ බලපෑ දැඩි නියඟය හමුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට මුහුණදීමට සිදු වූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම්, කෘෂිකර්ම අධ්‍යක්ෂ හා වාරිමාර්ග අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින් සහ ගොවි සංවිධාන නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.