ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (02) අරලියගහ මන්දිරයේ පැවැති 07වැනි ලෝක බෞද්ධ මහා සම්මේලනයට එක්වෙමිනි.
කාලගුණ, දේශගුණ විපර්යාස, සොබාදහමේ වෙනස්කම් පිළිබඳ ව මෙන් ම බරපතල හිරිහැර හා ව්‍යවසනයන් පිළිබඳ ව බුදුන් වහන්සේ මීට වසර 2600කට පෙර දේශනා කළ බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා බෞද්ධ මෙන් ම ඉස්ලාම්, හින්දු, ක්‍රිස්ත්‍රියානි ආගමික දර්ශනයන් තුළ ඇති සාමය සමාජය බෙදීමට පොළොඹවන ලෝක අර්බුධ සන්සුන් කිරීම උදෙසා වැදගත් වන බවත් පෙන්වාදුනි.
ලෝක බෞද්ධ සමුළුවේ සත්කාරකත්වය ලබාදෙමින් කළ ගෞරවයට රටවල් 47ක නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ නියෝජිතයින් වෙත ගෞරවය හා ස්තූතිය පුද කළ ජනාධිපතිතුමා මෙම කාර්යය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට කැපවී කටයුතු කළ රාජ්‍ය අංශය, මහා සංඝරත්නයට ද සිය ස්තූතිය පුද කර සිටියේය.
අනාගත මානව සමාජයේ සියලු අංශ ශන්තිමත් කිරීමට බෞද්ධ දර්ශනයෙන් දෙන මගපෙන්වීම තුළින් වගකීමෙන් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවත් පෙන්වාදුන්නේය.
මිනිසුන් දියුණුව පිළිබඳ ව මෙන් ම භෞතික සම්පත් සංවර්ධනය පිිළිබඳ ව කතා කරන බවත් අධ්‍යාත්මික පිරිහීම තුළින් ඇතිවන අර්බුධ සඳහා බෞද්ධ දර්ශනය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.