නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදෙනවා - අගමැති

    නොවැම්බර් 02, 2017
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති අතර ම ඒ හරහා අනෙකුත් ආගම්වලට ද අගතියක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) අරලියගහ මන්දිරයේ පැවැති 07වැනි ලෝක බෞද්ධ මහා සම්මේලනයට එක්වෙමිනි.
     
    සාමයෙන් ජීවත්විය යුතුය යන්න බෞද්ධ දර්ශනයේ ම පණිවුඩයක් බවත් එය අප විසින් ලෝකය වෙත රැගෙන යා යුතු බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුදු දහමේ සාමයේ පණිවුඩය බවත් එ් තුළින් තමන් ජයගන්නේ කෙසේ ද යන්න උගන්වීම සිදු කරන බවත් කීය.
     
    ඉන්දීය අශෝක අධිරාජ්‍යයා විසින් බෞද්ධ දර්ශනයට මහත් පිටුවහලක් ලබාදුන් අතර ම තමන් පුතු අත ශ්‍රී ලංකාව වෙත බුදුදහම මෙරටට එවූ අතර ම ඒ හරහා ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළ හැකි වූ බවත් පෙන්වා දුන්නේය.
     
    අශෝක රජතුමා විසින් ශ්‍රී ලංකාවට පමණක් නොව ග්‍රීසිය මෙන් ඊජිප්තුවට පවා බුදු දහම රැගෙන ගිය බවත් ඒ හරහා බුදු දහමේ බලය ලොව පුරා ප්‍රචලිත වූ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya