මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම ගුරුවරයකුට විධිමත් පුහුණුවක් - වසර අවසන් වීමට පෙර පාසල් ළමුන්ට ටැබ් යන්ත්‍ර

    ජූලි 07, 2017

    මේ වසර අවසන් වීමට පෙර ටැබ් යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    පෙර පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    අධ්‍යාපන අමාත්‍යාංශය පළමු වසර දරුවන් වෙනුවෙන් විධිමත් අධ්‍යාපනයකට වෙනස් කම් රැසක් සිදු කරනවා.ප්‍රථමික ගුරුවරු පුහුණු කර බඳවා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.උපාධිධාරීන්ට විධිමත් පුහුණුවක් නෑ.කැබිනට් පත්‍රිකාවක් දානවා, ඉදිරියේ දී උපාධිධාරීන් බඳවා ගන්නේ නම්,වසර තුන හතරක විධිමත් උපාධියක් හෝ පුහුණු පාඨමාලාවක් හදාරන අය බඳවා ගන්න කටයුතු කරනවා. ප්‍රාථමික ගුරුවරුන්ට පුහුණුව මෙන් ම සෑම විෂයක් උගන්වන ගුරුවරුන්ට පුහුණුව ලබාදෙන්න කටයුතු කරනවා.

    රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්වල සියලු දරුවන්ට ලක්ෂ දෙකකක් රක්ෂණ ආවරණය ලබාදෙනවා.මේ වනවිට ටෙන්ඩර් අවසන් වී තිබෙනවා.මේ වසර අවසන්වන විට ටැබ් යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නියාමක වැඩසටහනක් ලෙස. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය හඳුන්වා දෙනවා.

    හතු පිපෙනවා වගේ පෙර පාසල් දානවා. ස්වයං රැකියාවක් වෙලා පෙර පාසල් ක්ශේත්‍රය.පෙර පාසල් අවධියේ සිටම දරුවන්ට අවශ්‍ය දේ ලබාදෙන්න. මීට කලින් මේවා කරන්න තිබුණා. අප විපක්ෂය සිටින කාලයේ පෙන්වා දුන්නා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya