අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සංහිදියාවේ රට බවට පත් කිරීම සියලු දෙනාගේම වගකීමයි

    ජූලි 07, 2017

    ශ්‍රී ලංකාව සංහිදියාවේ රට බවට පත් කිරීම සියලු දෙනාගේම වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කය ජාතික සහජීවනයේ හා සංහිදියාවේ දිස්ත්‍රික්කය ලෙස නම් කිරීම පිළිබඳව පෞද්ගලික යෝජනාවට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසී ය.

    ''මෙම යෝජනාව පුත්තම් දිස්ත්‍රික්කයට පමණක් නොවේ අවශ්‍යය. දැන් සංහිදියව රට පුරාම බිම් මට්ටමේ සිට ව්‍යාප්ත විය යුතුයි. රාජ්‍ය ත්‍රස්තවාදය පිටුදැකලා රටක් බිහි කිරීමට අවශ්‍ය වුණා. ජනතාව සමඟියි,ඔවුන්ට සංවර්ධන රටක් අවශ්‍යයි.පිල්mබෙදී ඉන්නේ අවස්ථාවාදී දේශපාලනයයි.මේ ශ්‍රී ලංකාව සංහිදියාවේ රට බවට පත් කිරීම සියලු දෙනාගේම වගකීමයි. රටේ කා කොටා ගැනීම වැරදියි. පාසල් කාලයේ සිටම සංහිදියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya