අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධියට සරිළන රැකියා වෙළඳ පොළ සකස් කළ යුතුයි

    ජූලි 07, 2017

    රැකියා දීමේ දී දේශපාලඥයන් පසු පස යන ක්‍රමවේදය නවතා දැමිය යුතු බවත් උපාධියට සරිළන රැකියා වෙළඳ පොළ සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පෞද්ගලික මන්ත්‍රීයෝජනාවක් ඉදිරිපත් කරමින් පැවසී ය.

      යෝජනව ඉදිරිපත්කරමින් අඳහස් දැක්වූ මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා,

    රජයක් විදියට ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට හදන්න ඕන.විශ්වවිද්‍යාලයට එන උපාධිධාරීන්ගෙන් විද්‍යා විෂයධාර හදාරන අයට රැකියා ලබාගැනීමේ ගැටළුවක් නෑ.උපාධිලබාගන්නා ප්‍රමාණයේ සියයට 60%ක් පමණ කලා උපාධි ලබාගන්නේ.කලා උපාධිවලට රැකියා ලබාගන්න මඟක් නෑ.මේ ගැටළුව ගැන හිතන්න ඕන.

    උපාධියට වටිනාකමක් දෙන වැඩසටහනක් හැදිලා නෑ.උපාධිධාරීන් දේශපාලන අතකොළු කරගන්න යෝජනා ගෙනා ඉතිහාසයක් තිබුණා.රැකියා දීමේ දී දේශපාලඥයන් පසු පස යන ක්‍රමවේදය නවතා දැමිය යුතුයි.උපාධියට සරිළන රැකියා වෙළඳ පොළ සකස් කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya