අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය ඉවත් වන්නේ නෑ - අගමැති

    ජූලි 06, 2017

    බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛත්වය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් කිසි ලෙසකින් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදු දහමට හිමි නිසි තැන  සහ නිකුත් වී ඇති බැව් කියන කෙටුම්පත් වාර්තාවක් සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය සම්බන්ධව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිතුමා  හා තමා කිසි ලෙසකින් බුදු දහමට ලබාදී ඇති ප්‍රමුඛතාවය නැති කිරීමට ක්‍රියා නොකරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය. අනුකමිටුව වාර්තා හයක් ඉදිරිපත් කර තිබෙනවා. විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැතැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.

    ''අතුරු වාර්තාව මෙහෙයුම් කොමිටියට දානවා. විකල්ප යෝජනා ඇවිත් තියෙනවා. වාර්තාවක් පිට කරලා නෑ. අපි ඔක්කොම එකඟ වී තිබෙනවා, බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය ඉවත් වන්නේ නෑ කියලා. මේ ගැන සංශෝධනයක් ගැන වාර්තාවක් නෑ. මෛත්‍රිපාල සිරිසේන ජනධිපතිතුමා, මම සහ ආණ්ඩුව එකඟ වී තිබෙනවා, බුද්ධාගම ප්‍රමුඛතාවය තියෙනවා කියලා. වාර්තාව සකස් කිරීම ගැන සකච්ඡා කරමින් යනවා. මෙහෙයුම් කමිටුවෙන් වාර්තාවක් ලැබී නෑ. විවිධ යෝජනා ලැබී තිබෙනවා. ''


    සභානායක, මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

    බී.එම්. අයි. සී.එච් එකේ සාකච්ඡාවක් තිබුණා, ව්‍යවස්ථාවක් හදන එක ගැන.දිනේෂ් ගුණවර්ධන මහතා කියන වාර්තාවක් බෙදුවේ නෑ.මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ වාර්තාව බොරුවක්. ඒ රැස්වීමේ දී මෙහෙයුම් වාර්තාව ලබාදුන්නා කියලා සඳහන් වී නෑ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-
    අනුකමිටු යෝජනා මම සභාගත කරනවා. මීට අමතරව බෙදා තිබෙනවා නම් කියන්න මම සොයා බලන්නම්.

    සභානායක, මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

    නව ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් තව හදලා නෑ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya