ධීවර සහ ජලජ සම්පත් ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් අද (06) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය
අපේ රටේ උතුරේ හෝ දකුණේ ධීවරයාගේ අයිතිය රැක දෙන්න, අභිමානය රැක දෙන්න, කටයුතු කරන අතර උතුරේ ධීවරයා ආරක්ෂා කරනවා. ට්‍රෝලින් ක්‍රමය නිසා මුහුදු පතුල ජල ජීවින් කොරල් පර විනාශ වෙනවා. උතුරු මුහුදු තීරය මුඬුබිමක් වෙලා ඉවරයි. අධි බල ඇති ට්‍රෝලින් ක්‍රමය භාවිතා කරනවා.
ධීවර සහ ජලජ සම්පත් ( සංශෝධන ) පනතින් දේශීය ධීවරයා ආරක්ෂා වෙනවා. විදේශ විනිමය අප රටට ලැබෙනවා. මත්ස්‍ය සම්පත ආරක්ෂා වෙනවා. සම්පත් රැකගන්න අප කටයුතු කරනවා. තහනම්පන්න ක්‍රමය තහනම් කරන යෝජනාව හොඳ යෝජනාවක්. පරිසරයට හානියක් නොවන ආකාරයට ඉස්සන් වගාව කරන ආකාරය නරා ආයතනය පරීක්ෂණවල දී පෙන්වා දී තිබෙනවා,. අපේ දේශීය ධීවරයා ආරක්ෂා කර ගන්න ඕන. දේශීය පන්න ක්‍රමය රැකගන්න ඕන. පන්න ක්‍රමය වලට නීතිරීති ඇති කර පන්න ක්‍රම ක්‍රියාත්මක කළ යුතුයි. මා දැල් කරුවන්ගේ අයිතීන් රැකදෙන්නත් කටයුතු කළ යුතුයි. ධීවරයන්ගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ ගමන් මඟ ශක්තිමත් කළ යුතු යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.