අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවිත්‍රාගාරවලින් නිකුත් කරන ජලය පරිභෝජනයට සුදුසුයි

    ජූලි 06, 2017

    ජල පවිත්‍රාගාර මඟින් පිරිසිදු කෙරෙන ජලය පරිභෝජනයාට සුදුසු ජලය බවට සහතික කළ හැකි බව නගර සැලසුම් හා ජාල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ වාචික පැනයකට පිළිතුරු දෙමිනි.

    පරිභෝජනයට ගන්නා ජලයේ බැර ලෝහ පරීක්ෂණ පිළිබඳ සොයා බැලීම පරික්ෂණාගාර තුළ නිරන්තරයෙන් සිදු වෙනවා.පවිත්‍රාගාර තුළ පිරිසිදු කරන ජලය බීමට ගැනීමට සුදුසු තත්ත්වයේ තිබෙන බව සහතික කළ හැකියි. ඇතැම් ප්‍රජා ජල යෝජනා ක්‍රම වල මේ ගැටළුව දක්නට තිබෙනවා. ඒ පිළිබඳවත් ජල සම්පාදන මණ්ඩල්යේ විශේෂඥයින් විසින් පරීක්ෂා කිරීම සිදු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya