අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානීය ජල බෝතල් කිරීම් පිළිබඳව පැමිණිලි කළහොත් පියවර ගැනීමට සූදානම්

    ජූලි 06, 2017

    සෞඛ්‍යයට අහිතකර පානීය ජල බෝතල් කිරීම් පිළිබඳව පැමිණිලි කළහොත් ඒ සඳහා පියවර ගැනීමට කටයුතු කරනබව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පානීය ජල බෝතල් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ වාචික පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    පමිණිලි ලැබුණ හොත් ඒ පිළිබඳව කටයුතු කළ හැකි බව කී අමාත්‍යවරයා, එම ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන බවත් නිරන්තර පසුවිපරම් සිදු කරන බවත් ඒ සඳහා ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා තවදුරටත් පිළිතුරු ලබාදෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya