මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියම පුරවැසි ජනරජයක් හදන සටන පටන් ගත්තා පමණයි - නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

    ජූලි 05, 2017

    ජනවාරි 08 න්‍යාය පත්‍රය අලුත් කරනවා. පාර්ලිමේන්තුවෙත්, මහපාරෙත් සටනක් තිබෙනවා.කවුරු පාවා දුන්නත් ඒ විප්ලවයේ කොඩිය අපි අරන් යනවා. නියම පුරවැසි ජනරජයක් හදන සටන පටන් ගත්තා පමණයි යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා වන විවාදයට එක්වෙමිනි.

    අක්‍රිය වූ අල්ලස් කොමිෂම ඇතුළු කොමිසන් සභා ශක්තිමත් කළේ රජයයි. යුක්තිය සාධාරනත්වය සඳහා රජයේ කැපවීම ඉන් පෙනෙනවා. ජනවාරි 8 මේ රටේ වෙනසක් සිදු වුණා. ප්‍රධාන කාරණය වුණේ මහාධන මංකොල්ලයකට ලක් වූ රාජ්‍ය ගලවා ගැනීමයි. අවුරුදු දෙක හමාරක් ගත වන විට ජනවාරි 8 ප්‍රධාන අංගය අපේ න්‍යාය පත්‍රය අංගයක් නොවේ කියලා. කවුරු පාවා දුන්නත් ඒ විප්ලවයේ කොඩිය අපි අරන් යනවා. මහා හොරු රැලක් ඉතිරි වී සිටිනවා. රාජ්‍යයක් හැටියට හොරුන්ට එරෙහිව කටයුතු කළේ නත්නම් ශ්‍රී ලංකා රාජ්‍ය වැදගත් නොවී යනවා. මේ ආණ්ඩුවේ අංක එකේ වගකීම ජනතාව කරන්න කියූ වග කීම ඉටු කිරීමයි. යම් යම් ක්‍රියාමාර්ග අරන් තිබෙනවා.ජනතාව සතුටෙන් නොවේ ඉන්නේ. ප්‍රමාදයක් තිබෙනවා. දූෂණ විරෝධි ධජය මේ රටේ න්‍යාය පත්‍රයේ අංක එක කරන්න අවශ්‍යයි.

    ජාතිවාදය,ආගම්වාදය පවුල්වාදය බර ජනතාවට දරන්න සිදු වුණා. රාජ්‍ය නිලධාරි තන්ත්‍රයට අල්ලස දූෂණය බෝ වුණා. මින් ගලවා ගැනීමට ජනවාරි 08 විප්ලවය බිහි වුණා.බැදුම්කර චෝදනාවට කොමිෂමක් දාලා තිබෙනවා. හෙජින් ගිවිසුම ගැනත් සොයන්න.වැඩ ප්‍රමාදය අල්ලස් කොමිෂමට පමණක් තිබෙන දෙයක් නොවේ.යුක්තිය ප්‍රමාද වී ඉටු වී ඵලක් නෑ. අධ්‍යාත්මය කුණූ වූ සමාජය ගලව ගැනීමට අපි අපෝසත් වී තිබෙනවා. දඬුවම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නැති වුවහොත් රටේ ආරාජිකත්වයක් ඇති වෙනවා.දූෂිතයෝ නම් ජයකෙහෙළි නංවන්නේ නම් පූජිත භාවයට පත් වන්නේ නම් රට අරාජික වෙනවා. ජනවාරි 08 න්‍යාය පත්‍රය අලුත් කරනවා. පාර්ලිමේන්තුවෙත්, මහපාරෙත් සටනක් තිබෙනවා.

    ඉතිහාසයට ආපසු ගමනක් නෑ. මේ ගමන ඉදිරියටයි යන්න. අපහු හැරෙන්න නොවේ අධිෂ්ඨානයක් ගත්තේ. දූෂිත බලවේගවල හඩ ඇහෙනවා.අද සමාජය අවබෝධකරගෙන සිටිනවා ජනවරමට යුක්තිය ඉටු කළ යුතුයි කියා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya