මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ ඉඩම් අරගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීමට අවශ්‍ය නෑ - අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

    මැයි 25, 2017

    ජනතාවගේ ඉඩම් අරගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීමට අවශ්‍ය නොවන බවත්  ව්‍යාපෘතිවලට විරුද්ධ වන්නේ ජනතා දියුණුවට ඊර්ෂියා කරන වෛර කරන පිරිසක් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඌව පළාතේ ආරම්භ කිරීමට නියමිත සීනි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    ඩොලර් මිලියන 152ක කර්මාන්තයක් එනවට කවුද? විරුද්ධ වෙන්නේ. අද තරුණයෝ ගොවිතැන් කරන්නේ නෑ. කොළඹ ඇවිල්ලා සිමෙන්ති අනනවා. තාක්ෂණය නෑ, අඩු පාඩු ගොඩයි. අපිට අවශ්‍ය නෑ, ජනතාවගේ ඉඩම් අරගෙන ජනතාව අපහසුතාවයට පත් කරන්න. හැමදේකම අඩුපාඩුකම් විතරක් කතා කරන්න එපා. අලුතින් හිතන්න දකින්න පටන් ගෙනතිබෙනවා. රිදීමාලියද්ද දියුණු විය යුතු පැත්තක්. දේශපාලනය අමතක කර කතා කරමු.දේශපාලන වාසියක් කරගැනීම වැරදියි.

    මහියංගනය දියුණු කළ යුතුයි.කර්මාන්තශාලාව අවට තව පුනර්ජනනීය බලශක්ති බලාගාර දෙකක් ස්ථාපිත වෙනවා. ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතිය පරිසරයට හානි නම් කිසිම අවසරයක් දෙන්නේ නෑ. පැහැදිළිව කියනවා,කර්මාන්තශාලාවට ජනතාවගේ විරෝධයක් නෑ. මේ මහියංගනයේ ව්‍යාපෘතියට විරුද්ධව කතාකරන්නේ ඊර්ෂියාව, වෛරය නිසයි. මේ කර්මාන්තශාලාව පමණක් නොව තවත් කර්මාන්ත රාශියක් දියුණු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya