අග්රාණඩුකාර නිල නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා අග්රාණ්ඩුකාර Sir Peter Crosgrove මහතා සහ එම මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයා පිළිගනු ලැබිය.
ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වු අතර දෙරටේ ජාතික ගීතයන් ද වාදනය කෙරිණි.
එමෙන්ම දෙරටේ ජාතික ධඡවලින් අග්රාණ්ඩුකාර නිල නිවාස පරිශ්රය අභිමානවත් අයුරින් සරසා තිබුණි.
පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව එරට අග්රාණ්ඩුකාරවරයා විසින් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග්රහයට ද ජනාධිපතිතුමා ඇතුළු ශ්රී ලංකා නියෝජිත පිරිස එක් විය.