අද (25) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
කිසිම අවස්ථාවක ජනාධිපතිතුමාගෙන් තනතුරක් ඉල්ලා සිටියේ නෑ.ප්‍රවෘත්තිය පළ කරන විට අමාත්‍යවරයා හැටියට විමසීමක් කිරීමට තිබුණා. මාධ්‍ය නිදහස ස්ථාපිත කරලයි ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එළියට ආවේ. අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය විදියට විශාල වැඩකොටසක් සිදු කළා.
දැන් ලැබී තිබෙන අමාත්‍යාංශය ජනතාව අතරට ගොස් සේවය කළ හැකි අමාත්‍යාංශයය්ක්. මටත් අවශ්‍යව තිබුණා තවදුරටත් ජනතාව අතරට ගොස් සේවය කිරීමට. ලැබුණු ඉඩම් අමාත්‍යාංශයෙන් ඒ අවස්ථාව ලැබුණා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.