ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක් ඊයේ (24) පස්වරුවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගත් අතර ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.