නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ පවතින සමඟියට එරෙහිව කටයුතු කරන්නන්ට නීතිය පැහැදිළිව ක්‍රියාත්මක කරනවා

    මැයි 24, 2017

    සියලු පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.රටේ සියලු දෙනා බය නැතිව සතුටින් ජීවත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වාතාවරණය රජය විසින් ඇති කරනවා යැයි නීතිය  හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    රට තුළ අන්තවාදී තත්ත්වයන් ඇති කිරීමේ උත්සහයන් වාර්තාවන තත්ත්වයක් පවතින බවත් එය ජාතික සමඟියට සංහිදියාවට බලවත් අහිතරකර තත්ත්වයක් බවත් එවැනි තත්ත්වයකට එරෙහිව රජය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්, ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    දැනටත් පරීක්ෂණ පවත්වනවා. දින කීපයක් ඇතුළත තත්ත්වය පාලනය විය යුතු බව කිව්වා.රටේ ස්ථාන කීපයකින් කළහාකාරී තත්ත්වය පිළිබඳව කණගාටු වෙනවා. ඊයේ සවසත් සභාව කල්තබන විවාදයෙත් කරුණු දැක්වූවා.

    මේ ප්‍රශ්නය දෙස බැලුවම නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතවය ප්‍රශ්නයක්. නීතිය ක්‍රියාත්මක කිරීම වග කියන්න ඕන පොලීසියයි. තරයේ අඳාළ නිලධාරීන්ට මතක් කර දී තිබෙනවා. සියලු පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අහිතර සතුරු හැඟීම් වර්ධනය වන ප්‍රකාශ කරන අයට පැහැදිළිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

    අපි දුක් වින්දා ඇති. අන්තවාදය, ජාතිවාදය කෙළවර වෙන්නේ ත්‍රස්තවාදයෙන්. දැන් රට ඔලුව උස්සන්න පටන් ගත්තා විතරයි. රටේ සියලු දෙනාට බය නැතිව සතුටින් ජීවත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වාතාවරණය රජය විසින් ඇති කරනවා.

    රටේ පවතින සමඟියට එරෙහිව කටයුතු කරන්නන්ට නීතිය පැහැදිළිව ක්‍රියාත්මක කරනවා.ඒ කටයුතු පාලනය කරනවා. කිසිම සිදුවීමක් ඊයේ රාත්‍රියේ වාර්තා වී නෑ. ආගම්වාදය, ජාතිවදය,නීතිවිරෝධී ක්‍රියාකරන අයට එරෙහිව පොලීසිය කටයුතු කරනවා. පොලීසිය මහජන ආරක්ෂාව සැම ලෙසම ඉටු කරන ආයතනයක් බව කිව යුතුයි යැයි ද අමත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya