නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇදුම් කූපන් ක්‍රමය සුදුසුම ක්‍රමවේදයයි - අධ්‍යාපන අමාත්‍ය

    මැයි 24, 2017

    පාසල් නිල ඇදුම් ලබාගැනීම සඳහා ලබාදෙන කූපන්පත් ක්‍රමය කාර්යක්ෂම,සරළම, දැනට ක්‍රියාත්මක සුදුසුම ක්‍රමවේදය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    2017 වර්ෂය සඳහා පාසල් ශෛශ්‍යයන් වෙනුවෙන් නිල ඇදුම් සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 2700ක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    නිලඇදුම් ලබාගැනීමට සුරක්ෂිත වවුචර් පතක් සකස් කර ඇති බවද කී අමාත්‍යවරයා, වවුචර් පත් මඟින් නිල ඇදුම් සාමාන්‍ය වෙළඳපොළින් ලබාගැනීමේ හැකියාව ලැබී තිබෙන බවත් ඉන් හොඳ තරඟකාරීත්වයක් ඇතිවෙන බවත් අඩු මිලට රෙදි ලබාගැනීමේ හැකියාව ඇති වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya