මැලේසියාවේ සුප්‍රකට පෙට්‍රෝලියම් සමාගමක් වන PETRONAS සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Datuk Wan Zulkiflee Wan Ariffin මහතා ඇතුඑ නියෝජිත පිරිසක් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් Wan Zaidi Wan Abdullah මහතා ද එක්ව සිටියේය. ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )