නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා - රටට ගැළපෙන්නේ විද්‍යාත්මක කසළ රඳවනයයි

    අප්‍රේල් 28, 2017

    නැවත නායයෑමක් ඇති නොවන ආකාරයට මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ  පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (28) මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    මීතොටමුල්ල සිදු වුණේ කන්දට යටින් පීඩනය පිපිරී යෑමක් සිදු වුණේ.කලයක් වගුරු බිමකට අඛණ්ඩව කැළි කසළ ගෙනවිත් බැහැර කිරීමයි හේතුව. මෙකට කොළඹ කුණු විතරක් නොවේ අවට කුණුත් දැම්මා. කසළ ටොන් මිලියන තුනක් තිබෙනවා.


    කිසිම වගකීමකින් තොරව කසළ පුරවා තිබෙනවා.මේ ස්ථානයේ කිසිම විද්‍යාත්මක කසළ කළමනාකරණ ක්‍රමවේදයක් අනුගනමය කර තිබුණේ නෑ. අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර නොදැක්වීමත් කණගාටුවට කරුණක්.  විධිමත් කසළ කඳු විධිමත්ව කළමනාකරණය කළ යුතුයි.

    මින් ඉදිරියට කසළ ගෙන යෑමේදී දැඩි නීති රීති අත්‍යවශ්‍ය වී තිබෙනවා.මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා. විද්‍යාත්මක පිරිසක් සහාය දෙනවා. සියලු විද්‍යාත්මක ආයතන සම්බන්ධ වී සිටිනවා.

    නැවත මෙවැනි කඩා වැටීමක් ,නාය යෑමක් නොවන ආකාරයට විධිමත්ව ස්ථාවර කරන්න කටයුතු කරනවා. කුණු කන්දෙන් අවට තවදුරටත් තර්ජනයක් ඇති වීම වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගන්නවා. ඒවාගේම පවුල් 98කට නිවාස ලබාදී තිබෙනවා. ඉතිරි පිරිසටත් නිවාස ලබාදෙනවා

    මධ්‍යගත කසළ කළමනාකරණ සම්බන්ධයෙන් බලගතු ආයතනයක් අවශ්‍ය වෙනවා. ශක්තිමත් ආයතනයක් නව නීති රීති යටතේ අවශ්‍ය වෙනවා. අපේ රටට ගැළපෙන්නේ විද්‍යාත්මක කසළ රඳවනයයි.දැන් අලුත් උත්සහයක් දරමින් සිටිනවා. එකයි එකම විසඳුම. විද්‍යාත්මක කසළ රඳවනයට විරුද්ධ වෙන්න එපා. එකක් නොවේ කීපයක් රටට අවශ්‍යයි. අද මේ රටේ එකම කසළ රඳවනය කිරිඳිවැල කසළ රඳවනයයි. අපි සියලු දෙනා එකතුවෙලා විධිමත් කසළ කළමනාකරණයකට කාලය එලඹිලා තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya