අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය විදේශ ඇමතිනිය සහ ශ්‍රී ලංකා අගමැති අතර සාකච්ඡාවක්

    අප්‍රේල් 27, 2017

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම දෙරටේ මිත්‍රත්වය, සුහදත්වය හා සහෝදරත්වය පාදක කර ගනිමින්, දෙරටේ ම ජනතාව වෙත අන්‍යෝන්‍ය වශයෙන් සමබර ප්‍රතිලාභ ලැබීම අරමුණු කර ගත් මූලික ලියැවිල්ලක් බව ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් (Hon. Sushma Swaraj) මහත්මිය පැවසුවාය.

    මේ ලියැවිල්ල පදනම් කර ගනිමින්, විවිධ ක්ෂේත්‍ර‍ සංවර්ධනය කිරීම පිළිබඳව එකඟත්වයනට එළැඹිය හැකි බවත්, ඒ ඔස්සේ සංවර්ධන කාර්යයන් කඩිනම් කළ හැකි බවත් විදේශ ඇමතිනිය පෙන්වා දුන්නාය.

     

    ඉන්දීය විදේශ ඇමතිනිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (26) නවදිල්ලි නුවර දී පැවැත්විණි.

     

    ඉන්දියාව හා ජපානය අතරත්, ශ්‍රී ලංකාව සහ ජපානය අතරත් ඉතා සමීප සබඳතාවන් පවතින හෙයින්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සිදු කිරීමේ දී, ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව එකට එක්ව ක්‍රියා කිරීමේ අවස්ථා ගණනාවක් ඇති බව ද මේ සාකච්ඡාවේ දී ස්වරාජ් මහත්මිය අවධාරණය කළාය.

     

    දෙරට අතර ඇති ඓතිහාසික සබඳතා අනාගතය දක්වා ගෙනයාමේ දී, විවිධ මට්ටම් වලින් ඒ සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය, පුද්ගලික ව්‍යවසාය, ආයෝජන මෙන්ම අධ්‍යාපන, සංස්කෘතික, තාක්‍ෂණ, සමාජයීය ආදී විවිධ ක්ෂේත්‍ර තුළින් මෙම සම්බන්ධතා වර්ධනය කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිසෙන ඉන්දීය ධීවරයින් ඉන් වළක්වාලීම උදෙසා ඉන්දීය මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයයන් විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ස්වරාජ් මහත්මිය අනාවරණය කළාය.


    ඒ අනුව ඉදිරි වසර 3 ක කාලය තුළ ක්‍රමාණුකූලව ඒ සියළු ධීවරයින් ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තය සඳහා යොමු කෙරෙන අතර, මුල් කණ්ඩායම පුහුණු කිරීමේ කාර්යයන් දැන් ආරම්භ කර තිබේ. එසේම මතභේදයට තුඩු දී ඇති බොටම් ට්‍රෝලින් යාත්‍රා අලූතින් ලියාපදිංචිය දැන් ක්‍රමිකව අත්හිටුවමින් යන බව ද විදේශ ඇමතිනිය පෙන්වා දුන්නාය.

     

    ඉන්දීය සාගර කලාපයීය සාමය සහ නාවුක ගමනාගමන නිදහස පිළිබඳව ශ්‍රී ලංකාව දක්වන සැලකිල්ල අගය කළ ඉන්දීය විදේශ ඇමතිනිය ඉන්දීය පදනම මගින් සංවිධානය කරන ඉන්දීය සාගර සමුළුව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළාය.

    මෙම සමුළුවේ සභාපතිත්වය අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාට පිරිනැමෙන අතර, සම සභාපතිත්වය දරනුයේ සුෂ්මා ස්වරාජ් මහත්මිය විසිනි.

    ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයිශන්කර් (Dr. S. Jaishankar), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු (HE Taranjit Singh Sandhu) ඇතුළු නිලධාරීන් පිරිසක් ඉන්දීය පාර්ශවය නියෝජනය කළ අතර, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා සහ සාර්ක් කලාපීය ජ්‍යේෂ්ඨ අධ්‍යක්‍ෂ ජනරාල් අසෝක ගිරිහාගම සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya